වැලිකඩ බන්ධනාගාර නඩුව ඔක්තෝම්බර් මාසයේදි විභාගයට

වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවු කෝලාහාලයට සම්බන්ධ   නඩුව ඔක්තෝම්බර් මාසයේ සිට ස්ථිර  මහාධිකරණය හමුවේ විභාගයට ගැනිමට තිරණය කර තිබේ.

මෙම නඩුව සතියේ දින තුනක් ඔක්තෝබර් 14 සිට විභාගයට ගැනීමට නියමිතය.

රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ 2012 වෙලිකඩා බන්ධනාගාර කෝලාහල සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්  පත් කරන ලෙස නීතිපතිවරයා ජුනි මාසයේ දී අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත්  ස්ථිර  මහාධිකරණයේ පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබුණි

2012 වර්ෂයේදි නිතිවිරෝධි ආයුධ සෙවිමේ මෙහෙයුමකදි මෙම කෝලාහලය ඇති විය.

2017 වර්ෂයේදි අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව  කෝලාහාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

එම සිද්ධිය  විමර්ශනය කිරීම සඳහා රජය කමිටුවක් ද පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් සම්පාදනය කරන ලදී.

2017 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව (එච්ආර්සීඑස්එල්) සිද්ධිය  සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුගේ ප්‍රකාශයක් සටහන් කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ පෙත්සමක් ගොනු කිරීමෙන් පසු මාධ්‍යවේදී කසුන් පුස්සවෙලගෙන් මෙම ප්‍රකාශය පටිගත කරගෙන තිබේ.

කෝලාහලයට සහභාගී වූ සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව පවසමින් පුස්සවෙල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

මානව හිමිකම් කවුන්සිලය මාධ්‍යවේදි කසුන් පුස්සවෙලගෙන්  ලිඛිත සාක්ෂි මෙන්ම වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි ද ලබා ගත්තේය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here