Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කාන්තාවගේ ගෞරවය සුරිකින විනයගරුක ගුණගරුක සමාජයකට ගෝඨා සහ මහින්දගෙන් පොරොන්දුවක්

Read Time12Seconds

කාන්තාවගේ දුක් පීඩා පිළිබඳ තේරුම් ගත් එකම රජය පසුගිය රජය ද බව 2015 ජනවාරි 8 වන දා තමා පරාජය වු පසු ඒ පිළිබඳ වැඩි වශයෙන්ම දුක් වූයේ කාන්තාවන් බව ද ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් , “කාන්තාවන්ගේ පපුවේ ඇවිලුණු ගින්දර ගැන තේරුම් ගත්ත එකම ආණ්ඩුව අපේ ආණ්ඩුව. මට තාම මතකයි 2015 ජනවාරි නව වැනිදා අපේ රටේ කාන්තාවන්ගේ මුහුණෙ තිබුණ සෝබර දුක්බර හැඟීම. එදා මේ රටේ සිද්ධ වුණ විපර්යාසයට වැඩිපුරම දුක් වුණේ කාන්තාවෝ. ඒ විතරක් නෙවෙයි, ජනවාරි අටවැනිදා ඉඳන් මාස කිහිපයක් යනතුරු තංගල්ලෙ ගෙදරට අති විශාල ජනතාවක් ඇදිලා ආවා. ඒ ආපු මහ පෝලිම්වල වැඩිපුරම හිටියේ කාන්තාවෝ. අම්මලා, දූවරු, සහෝදරියෝ. ඒ නිසා අපි කාන්තාවන් ආරක්ෂා කරන රටක් අපි හදන කවුරුත් දන්නවා. තමන්ගේ දරුවන්ව රකින ආණ්ඩුවක් අපි හදන බව ඔවුන් දන්නවා. සදාචාර සම්පන්න සමාජයක් හදන්නයි අපිට ආශිර්වාද කරන්නේ. කොටින්ම ආර්යාවන් නැති, හොඳ භාර්යාවක් ඉන්න කෙනකුයි මේ රට හොයන්නේ. ඒකට අපි හොඳම සුදුසුකම ලබලා තියෙනවා. අපි හොඳ රටක් ගොඩනගමු

රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමින් පැවසිය.

කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි පැවති සම්මේලනය ඇමතු ඔහු පැවසුවේ අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති අතර පොදු ප්‍රවාහන සේවයක පවා කාන්තාවකට නිදහසේ ගමන් කළ නොහැකි තත්ත්වයක් කාන්තාවන්ට උදා වී ඇති බවය.

මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත් කාන්තාවගේ ගෞරවය සුරිකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බව ද රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන අතර ළමා අපචාරවලට අදාළ නඩු කඩිනමින් අසා නිම කිරීමට විශේෂ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

එසේම රට තුළ මත්ද්‍රව්‍ය භාවිතය පසුගිය කාලය තුළ වර්ධනය වීමෙන් වැඩි වශයෙන්ම දුක් විඳින පිරිස බවට කාන්තාවන් පත්ව ඇති බව ද අද ලංකාව අන්තර්ජාතික මත්ද්‍රව්‍ය බෙදා හරින මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත් වසර ගණනාවක් තිස්සේ මෙම ප්‍රශ්නය විසඳීමට නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග නොගැනීම මීට හේතු වු බවත් ඒ මහතා පැවසීය.

එනිසා ජාතියේ අවශ්‍යතාවයක් ලෙස සලකා කඩිනමින් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට කටයුතු කිරීමට සහතික වන බව ද ඉතිහාසය පුරාම ජාතිය අනතුරකට පත් වු විට ඉන් රට මුදා ගැනීමේ කාර්යට කාන්තාව නිරතුරුව සහාය වු බවත් තිස් වසරක් පැවති යුද්ධය අවසන් කිරීමට කාන්තා සෙබළියන් ජීවිත පූජාවෙන් සටන් කළ බව ද ඒ මහතා සිහිපත් කළේය.

 

0 0
Advertisements

1 thought on “කාන්තාවගේ ගෞරවය සුරිකින විනයගරුක ගුණගරුක සමාජයකට ගෝඨා සහ මහින්දගෙන් පොරොන්දුවක්

  1. Mata una asadaranaya tamath yata gehilada? Mewa kantawata karana hena gahana pau mewata sambandauna hema ekatama hena hatama gahanawa e genu lajja netiwa redi edagena innawa lajjai eth sattya mekai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *