Fri. Dec 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නීති විරෝධී දුම්වැටි 10,000ක් අල්ලයි

Read Time5Seconds

නීතිවිරෝධී ලෙස දුම්වැටි 10,000 ක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු දෙකක තිබී එම දුම්වැටි තොගය සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ. අත්අඩංගුවට ගැණුනු දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 6 ක් පමණ වන අතර ඒවා රාජසන්තක කිරීමට පියවර ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *