Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය යුරෝපා සංගමය සමාලෝචනය කරයි

Read Time24Seconds

යුරෝපා සංගයේ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාව යටතේ පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වන රැස්වීම කොළඹදී පැවති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීම සහ යහපාලනය පිලිබදව මෙහිදී සාකච්චා විය. රටේ මානව හිමිකම් සහ මූලික නිදහස ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ ප්‍රගතිය යුරෝපා සංගමය විසින් සාදරයෙන් පිළිගත් අතර අනාගතයේ දී මෙම ජයග්‍රහණ අඛණ්ඩව හා තහවුරු කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

තවද, කාන්තාවන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙනයාම, කිසිදු හේතුවක් මත වෙනස් කොට සැලකීම බලාත්මක කිරීම, සුළු ජාතීන්ට අයත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීම, ඉඩම් ආපසු ලබා දීම අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. වධහිංසා කිරීමේ ශුන්‍ය ඉවසීම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරන ලදී.

සෑම තත්වයක් තුළම මරණීය දණ්ඩනය භාවිතා කිරීමට යුරෝපා සංගමය සිය විරෝධය යළිත් අවධාරණය කළ අතර මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ අරමුණින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තහනම පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව දිරිමත් කළේය. ආයතන ශක්තිමත් කිරීම, ප්‍රතිපත්ති සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වන නීති සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දැරූ උත්සාහය සාදරයෙන් පිලි ගන්නා බවද මෙහිදී ඔවුන් පවසා ඇත.

ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම සුළු ජාතීන් හා සම්බන්ධ කරුණු සහ වෛරී කථාව ආමන්ත්‍රණය කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම රැඩිකලීකරනය සහ ප්‍රචණ්ඩ අන්තවාදය පිළිබඳව සාකච්ඡා කළහ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සන්දර්භය තුළ යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව සහ සංවාදය ශක්තිමත් කිරීමට එකඟ වී තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා මානව හිමිකම්වලට අනුකූලව නව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

දේශීය හා ගෝලීය වශයෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් උපකරණ පලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායම සිය කැපවීම යළිත් තහවුරු කළේය. ක්‍රියාකාරී කණ්ඩායමේ නිගමන සහ නිර්දේශ කොළඹ පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමට වාර්තා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා සෙමසිංහ මහත්මිය විසිනි. යුරෝපීය සංගමයේ දූත පිරිස මෙහෙයවනු ලැබුවේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ කලාපීය කටයුතු සහ දකුණු ආසියාවේ අංශ ප්‍රධානී කැරොලයින් විනෝට් මහත්මිය විසිනි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *