Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියක් නොසැලකිලිමත් රියදුරකු නිසා මරුට

Read Time8Seconds

ශ්‍රී ලාංකික තරුණියක් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටතදී වැගන් මෝටර් රථයක ගැටී මිය ගොස් ඇති බව ඩේලි මේල් වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙල්බර්න් හි ක්ලේටන් හි පිහිටි මොනාෂ් විශ්ව විද්‍යාලයේ කැම්පස් ගේට්ටුවේ සිට මීටරයක පමණ දුරින් මෙම මෝටර් රථයේ ගැටීමෙන් සිදුවූ හදිසි අනතුරකින් මෙලෙඅ මිය ගියාය. ඒ 20 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවියක් වන නිසලා පෙරේරාය.

රාත්‍රී 9.45 ට සීනික් බොලිවාර්ඩ් අසල වෙලින්ටන් පාර හරහා යමින් සිටියදී ඇයට මෙලෙස එම රථයේ වැදී ඇති බව රහස් පරීක්ෂකයෝ විශ්වාස කරති. කෙසේ වෙතත් මෙම අනතුරින් පසුව ඇය එම ස්ථානයේදීම මිය ගියාය.

අදාල රථයේ වැදීමත් සමග එම රථය නතර නොවූ අතර අනතුරට පෙර මෝටර් රථය අධික වේගයෙන් ගමන් කළ බව විමර්ශකයින් විශ්වාස කරයි. පසුව මෝටර් රථය රාත්‍රී 11 ට ක්ලේටන්හි දමා ගොස් තිබී සොයා ගන්නා ලදී.

ඇයගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් මෙන්ම මිතුරන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින අතර අයගේ මව පෙරේරා මහත්මිය පවසන්නේ ඇය ඡායාරූපකරණය සහ සංචාරය පිළිබඳ දැඩි ආශාවක් ඇති තරුණියක් බවය.

‘ඇය දැන් වඩා හොඳ තැනක සිටී.’ යනුවෙන් පවසන පෙරාරා මහත්මිය දෙසැම්බරයේ බාලි වෙත සංචාරයක් ද සැලසුම් කරමින් සිට ඇති අතර නිතරම ඇගේ ගමන් බ්ලොග් කිරීම සදහා ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුම් දෙකක් භාවිතා කර තිබේ.

‘නොසැලකිලිමත් රියදුරෙකු නිසා තවත් ජීවිතයක් අහිමි විය. යනුවෙන් මොනාෂ් විශ්ව විද්‍යාලය සිසුන් ශෝකය ප්‍රකාශ කරයි.
හෙරල්ඩ් සන් පුවත්පතට අනුව, සදහන් වන්නේ මේ වන විට අයගේ පවුල පිරිස ඕස්ට්‍රේලියාවට බලා යන බවය.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ඕනෑම සාක්ෂිකරුවෙකු හෝ ඩෑෂ් කැමරාවල දර්ශන ඇති ඕනෑම අයෙකු සමඟ කතා කිරීමට මෙන්ම මේ ගැන වැඩිදුර විමර්ශනය කිරීමට විමර්ශකයෝ උනන්දු වෙති

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *