Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේ උද්ඝෝෂණ ,රැස්වීම, පෙළපාලි තහනම්

Read Time6Seconds

අද (01) සිට මේ මස (10) දින දක්වා අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පවත්වන්නට යෙදෙන උද්ඝෝෂණ ,රැස්වීම, පෙළපාලි සඳහා අලුත්කඩේ ප්‍රධාන මාහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත. උද්ඝෝෂණ, පෙළපාලි සඳහා සහභාගි වන සියළු ජනතාව වෙත මෙම නියෝගය බලාත්මක වන බවද පොලීසිය දන්වා ඇත

මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කරු පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි සහ රාවණා බලයේ කැඳවුම්කාර පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි හා අනෙකුත් හිමිවරු ඇතුළු පිරිස වෙතයි.

එවැනි උද්ඝෝෂණ ,රැස්වීම්,පෙළපාලියක් පවත්වාගෙන යාමේදී සාමකාමීව හා නිත්‍යානුකුල ලෙස පවත්වාගෙන යාමට බධාවක් නොමැති බවටත් ,කැරැල්ලක්,කළහයක්,ඇතිවන කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත් , මහජනතාවට, වාහනවලට බාධාවක් , අනතුරක්, කරදරයක් ඇතිවන ආකාරයේ රැස්වීමෙන් ගමන් කිරීමෙන් වැලකිය යුතු බවටත් සාමය කඩවන සුළු ආකාරයේ කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත් නිත්‍යානුකූලව සේවයේ නියුතු තැනැත්තන් හට බධාවක් වන අයුරින් රැස්වීමෙන් හෝ ගමන් කිරීමෙන් වැළැකිය යුතු බවටත් මෙම අධිකරණ නියෝගයෙන් නියෝග කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *