ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල දමිළ පවුල් වෙනුවෙන් එරට විරෝධතා

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවලක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා පිටුවහල් කිරීමට ගත් තීරණයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුළු නගර කිහිපයක සංවිධානය කර තිබු විරෝධතා සඳහා විශාල පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ වසර ගණනාවක් රැඳී සිට ඇති මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවලට දාව එරට දී දරුවන් දෙදෙනෙකු උපත ලබා ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට සිව් හැවිරිදි සහ දෙහැවිරිදි වියේ පසුවේ.

ඔවුන්ට සරණාගත භාවය ලබාදීම එරට රජය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඔවුන් පසුගියදා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here