Wed. Feb 26th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරන නිසා පක්ෂ අභ්‍යන්තරයේ කිසිදු ගැටළුවක් නැහැ -රවි කරුණානායක

Read Time1 Minute, 27 Second

ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරන නිසා පක්ෂ අභ්‍යන්තරයේ කිසිදු ගැටළුවක් නොමැති බව විදුලි බල අමාත්‍ය රවි කරුණානායක  මහතා පවසයි.

පක්ෂයක් තුල විනයක් නොමැතිවූ විට  පුද්ගලයින් තම පක්ෂය මෙන්ම පක්ෂයේ  නායකයා පවා අමතක කර කටයුතු කරන බව අමාත්‍යවරයා  සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොටහේන ප්‍රදේශයේ පැවති උත්සවයකදියි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.

” වසර 25 ක් තිස්සෙම මගේ මතය වූයේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන්නයි. මෙතෙක් තිබූ සෑම ඡන්දයකටම අපි යන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා හිතලා. නමුත් අදටත් ඒක කරන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂය මේ වනවිට අභ්‍යන්තරය තුළ තිබෙන සියලු දේ සම්බන්ධයෙන් වඩාත් එකමුතුව කටයුතු කරනවා. අපි තීන්දුවක් අරගෙන තියෙන්නේ, සැමදෙනාම එකතුවෙලා එළඹෙන මැතිවරණ ජයග්‍රහණය කරනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන නිසා කව්රු මොනවා කිව්වත් අපේ පක්ෂ අභ්‍යන්තරයේ කිසිම ගැටළුවක් නැහැ

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *