Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මෙරට මුහුදු සීමාවේදි ආපදාවට ලක්වු ඉන්දීය ධිවරයින් පිරිසක් සහිත යාත්‍රාවක් බේරා ගැනේ

Read Time7Seconds

නාවික හමුදාව විසින් අද අළුයම යාපනය, කච්චතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් හතර දෙනෙකු බේරා ගැනීමට සමත් වි තිබේ.

උතුරු නාවික විධානය විසින් මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත්‍රාවක් මගින් මුහුදේ පාවෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔවුනට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉදිරිපත් වු බව නාවික හමුදාව පවසයි.

මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි ධීවරයින් පිරිසට අවශ්‍ය ආහාර පාන ලබාදීමට ද මෙහිදී නාවික හමුදාව කටයුතු කළේය.

මෙලෙස ආපදාවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි ධීවරයින් හතරදෙනා වයස අවුරුදු 37 ත් 60 ත් අතර වියෙහි පසුවන ඉන්දීයානුවන් වන අතර, ඉදිරි කටයුතු සඳහා එම ධීවරයන් හතරදෙනා සහ ට්‍රෝලර් යාත්‍රාව යාපනය, ධිවර පරික්ෂක වෙත භාර දුන් බව නාවික හමුදාව පවසයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *