Wed. Feb 26th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් කිරීමට අගමැති මාලදිවයිනට

Read Time1 Minute, 24 Second

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (02) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත් විය.

13 දෙනෙකුගෙන් මෙම දූත පිරිස සමන්විත වෙයි. මාලදිවයින් ජනාධිපති ඉබ‍්‍රාහිම් මොහොමඞ් සාලිගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සඳහා එක් වන්නේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට ද අත්සන් කිරීමට සදහායි.

එහිදී වීසා පහසුකම් ලබා දීම, සමාජ ආරක්ෂණය, වෘත්තීය පුහුණුව මෙන්ම තරුණ සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය යන ක්ෂේත‍්‍රයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.

හෙට (03) සහ අනිද්දා (04) මාලදිවයිනේ පැවැත්වෙන ඉන්දියා සාගර සමුළුවෙහි සභාපතිත්වයද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දරනු ලබන අතර මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනයන් පිළිබඳ එස්. රාජරත්නම් පාසල සමග එක්ව මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ඉන්දියා පදනම විසිනි..

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *