Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පළාත්සභා මැතිවරණ පැවැත්විමේ බලයක් ජනපතිට නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

Read Time5Seconds

පළාත් සභා මැතිවරණය කලින් පැවති මැතිවරණ ක්‍රමයට හෝ පළාත් සභා (සංශෝධන) පනත යටතේ පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

පළාත් සභා මැතිවරණය පැවැත්විම පිළිබඳ ශ්‍රේෂ් ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා විසින් විමසාතිබුණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා තීන්දුවකට එළඹී එහි ස්ථාවරය ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.

අද ජනාධිපති කාර්යාලය අධිකරණයේ මතය ප්‍රසිද්ධියට පත් කොට තිබේ.

ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්කියා සිටියේ පළාත් සභා (සංශෝධන) පනත යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවට ශ්‍රේෂ් ඨාධිකරණයේ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක්  ඒකමතිකව තිරණය කර ඇත්තේ සිමා නිර්ණය කිරිමේ කමිටුව මගින් අමාත්‍යවරයාට භාර දි ඇති වාර්තාවේ සඳහන් සිමා මායිම් ප්‍රකාශයට පත් කිරිමේ බලයක්   ජනාධිපතිවරයාට නොමැති බවයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *