Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මඩකලපුවේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ සිරුරු කොටස් ඉවත් කරයි

Read Time1Second

පාස්කු ඉරුදින මඩකලපුවේ සියොන් පල්ලියට පහර දුන් මරාගෙන මැරෙන බෝම්බකරුගේ දේහය අද අධිකරණ නියෝගයක් මත කල්ලියන්කාඩු සුසාන භූමියේදී ඉවත් කරන ලදී.

බෝම්බකරුගේ හිස සහ කඳ කොටස  මඩකලපුවේ මහේස්ත්‍රාත්වරයා, මඩකලපුවේ අධිකරණ වෛද්‍ය නිලධාරී සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් ඉදිරියේදි ගොඩගෙන තිබේ.

මළ සිරුරු මඩකලපුව දිස්ත්‍රික් ලේකම් විසින් හඳුනාගත් ස්ථානයක වලදැමිම  සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

දේහය පසුගිය මාසයේ කල්ලියන්කාඩු සුසාන භූමියේදී වලදැමුවද මෙය මඩකලපුව නගරයේ විශාල විරෝධතාවක් පැවැත්වීමට හේතු විය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *