Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

යුද හමුදා සිවිල් සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Read Time4Seconds

කුරුණෑගල පොලිස් වසමේ ගෝවා කොටුව හංදිය අසල දී‍,කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරුපැදියකින් ගමන් ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී යතුරුපැදිකරුගේ නිවසේ තිබී තවත් ටී-56 ගිනි අවියක්, ටී – 56 ගිනි අවි පිරිසිදු කිරීමේ කට්ටලයක්, ඉතාලියේ නිෂ්පාදිත වායු රයිපලයක්, අවි සඳහා භාවිතා කරන දුර දක්නයක්, බෝර 12 පතරොම් තුවක්කු සඳහා භාවිතා කරන හිස් පතරොම් කොපු 6 ක්, යුද හමුදා නිලධාරින් භාවිතා කරන පැක් 2ක්, හනස් කට්ටල 1 ක්, බෙල්ට් ඕඩර් 2ක්, පුචස් 2ක්, අවි පටි 4ක්, වතුර බෝතල් 2ක්, හෙල්මට් 1, කළු ඉන පටි 1ක්, කැප් තොප්පි 1ක්, මෙස් ටින් 1ක්, ඔයිල් බෝතල් 1ක්‍, පිස්තෝල අවි මැගසින් දැමීම සඳහා භාවිතා කරන හොස්ටර් 01ක්, නිල මුද්‍රා 1ක් හා උපකරණ දැමීම සඳහා භාවිතා කරන කොළ පැහැති බෑග් 2ක් සොයා ගෙන තිබේ

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, වයස අවුරුදු 46 ක් වු කුලතුංග මුදියන්සේලාගේ තුෂාර චන්දමාල් නැමති දාහිගමුව, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි බුත්තල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සිවිල් සේවකයෙක් , හංවැල්ල, කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වු කරුණාධිපති දේවලාගේ චමින්ද සිරිජයලත් යන අයෙක් වන අතර යතුරුපැදියේ පසුපැදිකරු වන මෙම පුද්ගලයා නිට්ටඹුව, වතුපිටිවල විජයබා පාබල රෙජිමේන්කුවේ යුද හමුදා සිවිල් සේවකයෙකි.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *