ශ්‍රීලනිපයේ පක්ෂ සාමාජිකත්වය 5 දෙනෙකුට අහෝසියි

එක්සත් ජාතික පක්ෂයට එක්වූ මන්තී‍්‍රවරුන් තිදෙනාගේ මෙන්ම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ මන්ත්‍රිවරුන් දෙදෙනාගේ ද ධූර අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක මීට පෙර එජාප ආණ්ඩුවට සහය පළ කළ අතර එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසන්නේ එම ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර තම පක්ෂය සතු මන්තී‍්‍රධූර බවත් පොදුජන සහ ශ්‍රීලනිප සාකච්ඡා අසාර්ථක නම් අනිවාර්යයෙන්ම අපේ පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා නොවන්නේ නම් අපි ඉදිරිපත් කරන රට ගොඩනගන වැඩපිළිවෙලට එකඟතාවයක් එන්නේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම වෙනම තරග කරන්න සිද්ධ වෙනවා: යනුවෙනි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here