Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨාගේ නීතිඥයා බොරු කිව්වේ නෑ : උදය ගම්මන්පිල

Read Time15Seconds

අද 3 වනදා පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

අර්ජුන් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා වැඩක් නෑ

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කරන මෙන් සිංගප්පූරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට නීතිපතිවරයා කටයුතු කර තිබෙනවා. නීතිපතිතුමාගේ කාරයක්ෂම භාවය මෙන්ම ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳ අපේ විශාල ගෞරවයක් තිබෙනවා. ආණ්ඩුව පැත්තෙන් නම් මේක අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමක්.

2016 නොවැම්බර් 8 දින රූපවාහිනි විවාදයක දී අර්ජුන් මහේන්ද්‍රන් පැන යෑමේ අවදානමක් තිබෙන නිසා විදෙස් ගමන් තහනම් නියෝගයක් ගන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලුවා. ඒක කලේ නෑ. 2017 08 15 “බැඳුම්කරේ – කාගේ කරේ” සම්මන්ත්‍රණයේ දී අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවෙන් පැන යෑමට සූදානම් වන බවත් වහාම අත්අඩංගුවට ගෙන විදෙස් ගමන් තහනම් කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව එය කලේ නෑ. කලේ නෑ නොවෙයි කරන්න බෑ. තමන් අත්අඩංගුවට ගත්තොත් බැඳම්කර වංචාවේ පිටුපස සිටින දේශපාලකයින්ව හෙලි කරන බවට ර්තජනය කළ නිසා එම තර්ජනයෙන් බියෙන් සලිත වෙච්ච ආණ්ඩුවේ නායකයෝ ඔහුව අත්අඩංගුවට ගන්නේ නැතුව හෙමිහිට රටින් පිටත් කළා.

අපි අරජුන් මහේන්ද්‍රන්ට කියන්නේ ඔබ ලෝකයේ මොන මුල්ලේ සැඟ වී සිටියත් අපේ ආණ්ඩුවක් යටතේ ලංකාවට කුදලා ගෙන ඇවිත් දඬුවම් කරනවාමයි. කේපී ලංකාවට ගෙනාපු විධිය මතකනෙ. අන්න ඒ ඉරණම තමයි මහේන්ද්‍රන්ට අත් වෙන්නේ. ආණ්ඩු පෙරළියෙන් පස්සේ අරජුන් මහේන්ද්‍රන් මහතා ලෝකේ කොහේ හිටියත් නිදාගන්න කොට ලංකාවේ ජාතික හැදුනුම්පත දාගෙන නිදාගන්න එක සැපයි. මොකද එතුමන් ඇහැරෙද්දී ලංකාවේ ඉන්න බොහෝදුරට ඉඩ තිබෙන නිසා.

ගෝඨාගේ නීතිඥයා බොරු කිව්වේ නෑ

ආණ්ඩුවේ පචමෝලේ පත්තරයක ගෝඨාභයගේ නීතිඥයා ජනාධිපතිවරණය දෙසැම්බර් හත්වන දින පැවැත්වෙන බව කැලිෆෝනියාවේ උසාවියකට ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරණයට දින නියම කරන්න ඔහු කවුදැයි ප්‍රශ්න කර තිබුණා. මේක ඇත්ත විකෘති කිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය දෙසැම්බර් 9 දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණය පවත්වන්නේ සෙනසුරාදා දිනක යැයි මැතිවරණ කොමිසම ප්‍රතිපත්තිමය තීන්දුවක ඉන්නවා. ඒ අනුව දෙසැම්බර් 9 පෙර තිබෙන අවසන් සෙනසුරාදාව වන්නේ දෙසැම්බර් 7යි. ඒ අනුව දෙසැම්බර් 7ට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි ගෝඨාභය මැතිතුමාගේ නීතිඥයින් කැලිෆෝනියාවේ අධිකරණයට දන්වා තිබෙන්නේ. එය ජනාධිපතිවරණයට දින නියම කිරීමක් නොව රටේ නීතිය නිසි ලෙස අවබෝධ කර ගැනීමක්.

සජිත් බොරු නොකියයි නම් මේවා කරන හැටි කියන්න

“මගේ ලඟ බොරුව නෑ” කියා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊයේ කිව්වා. තමන් බොරු කරන්නේ නැති නම් එතුමා කරන බව කියන දේ කරන හැටිත් කියන්න ඕනෑ.

තමන් ජනාධිපති වුණු පසුව සෑම රණවිරුවෙකුගේ ම දෙපා මුලට යන බවට සජිත් මැතිතුමා කිව්වා. විශ්‍රාමික වගේම සක්‍රිය සේවයේ සිටින ලංකාවේ ලක්ෂ පහක් රණවිරුවන් ඉන්නවා. ජනාධිපතිවරයෙකුගේ නිල කාලය දින 1,825යි. ඒ අනුව එක දිනකට රණවිරුවන් 274දෙනෙකුගේ නිවෙස් වලට යන්න ඕනෑ. ජනාධිපතිතුමා වෙන කිසිම රාජකාරියක් නොකර කන්නේ බොන්නේ නිදා ගන්නේ නැතුව අඩුම ගණනේ නාන්නේ වත් නැතුව රණවිරු නිවෙස් වලට යෑම විතරක් කළත් අවුරුදු පහ මදි සෑම රණවිරුවෙකුගේ දෙපා මුලට යන්න.

සෑම කාන්තාවක්ම කෝටිපතිනියක කරනවා කියලාත් සජිත් මැතිතුමා කියනවා. ලංකාවේ ලක්ෂ 114ක් කාන්තාවන් ඉන්නවා. ඒ හැමදෙනාම කෝටිපතිනියක් වෙන්න ඒ අයගේ වාරෂික ආදායම ට්‍රිලියන 114ක් වෙන්න ඕනෑ. ඒ සඳහා ජාතික ආදායම ට්‍රිලියන 220ක් වෙන්න ඕනෑ. 2018 වසරේ දී ලංකාවේ ජාතික ආදායම ට්‍රිලියන 14යි. එහෙම නම් සජිත් මැතිතුමාගේ සිහිනය සැබෑ වෙන්න නම් ජාතික ආදායම 16 ගුණයකින් වැඩි වෙන්න ඕනෑ. පසුගිය වසරේ ජාතික ආදායම යන්තමින් 3.5%කින් වැඩි කළ ආණ්ඩුවේ දෙවැනියා තමයි ජාතික ආදායම 1,100%කින් වැඩි කරන බවට පම්පෝරි ගහන්නේ.

එතුමා තව රස කතා ගොඩක් කිව්වා. මම ජනාධිපති වෙලා ලංකාවේ සෑම ගමකටම එනවා කියලා කිව්වා. ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14 022 තිබෙනවා. ඒ තුළ ගම්මාන 38 259 ක් පමණ තියෙනවා. ගම හරහා දිවීමේ තරගයක් විදිහට ගියත් දින 1,825 දි එනම් ජනාධිපති ධූර කාලය

තුළදී එතුමාට ඒක කරන්නට බැරි වෙනවා.

ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමනි බොරු කියන්නේ නෑ යැයි ඔබ කියූ එක තමයි ඔබ මෙතෙක් කියූ ලොකුම බොරුව කියලා මට කියන්නට වෙනවා. අදින් පසු පන්සිල් ගනිද්දි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියන සිල් පදය ගැනීමෙන් වැළකී සිටින්න කියල මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් ද එක් විය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *