Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පළාත්සභා මැතිවරණය නොපැවැත්වීමේ පළමු වගඋත්තරකරු රනිල්. ජනපති මෛත්‍රිපාල ජනපති සටන අරභයි

Read Time8Seconds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ සටන අදින් ඇරඹුණු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සැමරුම් උළෙලට එක්වෙමින් පැවසුවේය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවීමේ පළමු වගඋත්තරකරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයෙකුට කිසිදු බලයක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි දුරටත් මෙසේ පැවසිය.

” ඉදිරියේදී 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය හිමිවන්නේ ජනාධිපතිට නොවේ අගමැතිටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්න ඕනේ ඉදිරි අගමැතිවරයෙක් පත් කර ගන්නයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා තනතුරෙන් උසස් අයෙක් ඉදිරියේදී විත්ති කුඩුවේ සිටින අයුරු දකින්නට ලැබෙනවා. පළාත් සභා මැතිවරණයක් නැවත රටේ පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතවි ඇති බවත්, එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා බව මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *