Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාකිස්තාන සහ ඉන්දියානු නියෝජිතයන් අතර උණුසුම් වචන හුවමාරුවක්

Read Time3Seconds

අද කොළඹ පැවති උත්සවයකදී පාකිස්තානයේ සහ ඉන්දියාවේ නියෝජිතයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

උණුසුම් වචන හුවමාරුව කාශ්මීර ගැටළුව සම්බන්ධයෙන් වූ බව වාර්තා වේ. කාශ්මීරයේ විශේෂ තත්ත්වය අවලංගු කිරීමට ඉන්දියාව ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තානයේ නියෝජිත පිරිසක් ඉන්දීය නියෝජිතයින්ගෙන් ප්‍රශ්න කර තිබුණි.

කෙසේ වෙතත් ඉන්දීය නියෝජිත කණ්ඩායම එය අභ්‍යන්තර කාරණයක් බව ප්‍රකාශ කර තිබුණි. නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් සැසිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 30 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) එක්ව දකුණු ආසියාව පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සත්කාරකත්වය සපයයි. මෙම අවස්ථාවට ඉන්දියාවේ සහ පාකිස්තානයේ නියෝජිතයින් සහභාගී වේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *