Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

බෝරාවරුන් වනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

Read Time3Seconds

බෝරා සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින 23,000 කට අධික බෝරාවරුන් වෙනුවෙන් විශේෂ සංචාරක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම කොළඹ පැවැත්වෙන බෝරා සමුළුව හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මතුව ඇති තදබදය හේතුවෙන් මුහුණ දී ඇති දැඩි අසීරුතාව හේතුවෙන් එම තදබදය අවම කිරීම සඳහා රජය අවශ්‍ය පිළියම් යොදමින් සිටියි.

තවද සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසන්නේ අප රට කෙරෙහි තියෙන විශ්වාසය සහ ප්‍රසිද්ධිය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට විශාල සහයක් වී ඇති බවය.

කොළඹ පැවැත්වෙන බෝරා සමුළුව සම්බන්ධයෙන් මෙරට බෝරා පූජාවේ නියෝජිත ඉම්රාන් ෆකුර්දීන් අදහස් පළ කරමින් සඳහන් කළේ “අපේ ආගමේ අන්තවාදය කියලා දෙයක් නෑ.. එහෙම හිතීමක්වත් නෑ. රටට අපි කොහොමද උදව් වෙන්න ඕනේ, අනෙක් ජාතීන් සමග කොහොමද සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ කියන දේවල් බලාපොරොත්තුවෙන් තමයි මෙම සමුළුව තියෙන්නෙ.” යනුවෙනි.

1 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *