Wed. Nov 20th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාස්කු ප්‍රහාරයට වඩා CID අවධානය ගෝඨාට බව MR කියයි

Read Time3Seconds

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) අවධානය යොමු කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මිස පාස්කු ප්‍රහාරවලට නොවන බව හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය.

අද පැවති උත්සවයක් අමතමින් රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ බොරු චෝදනා පිළිබඳව රහස් පොලිසිය විමර්ශනය කරන බවයි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදාට එල්ල වූ මාරාන්තික ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කෙරෙහි රහස් පොලිසිය අවධානය යොමු නොකරන බව ඔහු පවසයි.

හිටපු රජයේ සාමාජිකයන්ගෙන් පළිගැනීමට රජය අරමුණු කරගෙන සිටින බව පවසමින් ඔහු වැඩි දුරටත් මෙසේ පවසයි.

එල්ටීටීඊයේ පරාජයෙන් පසු රට සාමය හා නිදහස භුක්ති වින්දා. නමුත් මේ වසරේ පාස්කු ඉරිදා සාමය බිඳ වැටිලා. ප්‍රහාරයේ වගකීම රජයේ කිසිවෙකු විසින් භාර නොගන්නා අතර ඒ වෙනුවට එකිනෙකාට ඇඟිල්ල දිගු කරන බව ඔහු පැවසීය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *