Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පූජිතගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලයි

Read Time4Seconds

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම නඩුවලට අදාළව ඉදිරිපත් කර තිබෙන දිවුරුම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ,පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද යළි සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා මෙම විරෝධතාව මතු කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *