Wed. Nov 20th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

SLFP මන්ත්‍රී 5 දෙනෙකුට එරෙහිව අදාලව විනය පරීක්ෂණ සදහා ලිපි යවයි

Read Time7Seconds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ ලිපි යොමු කර ඇතැයි ද පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂමන් යාපා, එස්.බී.දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා සහ ඒ. එච්.එම් ෆව්සි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම තීරණය පක්ෂය විසින් ගෙන තිබේ. විනය පියවර නොගැනීම සම්බන්ධයෙන් ජනතාවගෙන් විවිධ ලිපි දිනපතා ලැබෙමින් පවතින බවද සඳහන් කර සිටි දයාසිරි ජයසේකර මහතා, මොවුන් පමණක් නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ද රැගෙන ගිය බවට චෝදනා කර සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා පවසා සිටියේ, මේ වන විටත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කීපදෙනෙක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවත් ඔවුන්ට පමණක් විනය පරීක්ෂණ සිදු කරන බැවින් මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ නොමැති ඇයි යනුවෙන් ජනතාව ප්‍රශ්න කර සිටි බවත් පැවසු අමරවීර මහතා, එනිසා පක්ෂයේ ඡන්දවලින් පත්වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන්ට මෙම විනය පරීක්ෂණ නැත්තේ ඇයි ද යන්න විශාල ගැටළුවක් වු බවත් පැවසීය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *