Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

රනිල්ගේ සහ කරුගේ සහය ඇතිව ජනපතිවරණයට තරඟ කරන බව සජිත් කියයි.

Read Time1 Minute, 27 Second

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතාගේ සහාය ඇතිව මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සවස කුරුණෑගල පැවති රැලියක් අමතමිනි.

අද දින කුරුණෑගල පැවති රැලියට එක්සත් ජාතීක පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වූ අතර, ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීමට ප්‍රේමදාස මහතා දරන උත්සාහයට සහයෝගය දැක්වීය.

තව දුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා අවධාරනය කළේ තම දෑත් පිරිසිදුව පවතින බවත් ඔහු දූෂණයට හෝ සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ නැති බවත්ය.

තමාට එරෙහිව බොරු චෝදනා නගන නමුත් ඔහු කම්පා නොවන බවද පැවසීය.තමාට එරෙහිව වැඩි වැඩියෙන් චෝදනා එල්ල වන තරමට ඔහු ජනතාව වෙනුවෙන් වැඩි යමක් කිරීමට අධිෂ්ඨාන කර ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි කියා සිටියේය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *