සංචාරක වීසා මත මෙරට රැදී සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙක් අත්ඩංගුවට

සංචාරක වීසා මත මෙරටට පැමිණ කොළඹ කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු අද (05) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී වයස අවුරුදු 25 සහ 50 අතර වයස් සිමාවේ පසුවූ ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ට මෙරට රැඳී සිටීමට ලබාදී තිබු විසා කාලය මාස 2-3 අතර ඉක්මවා සිටීම හේතුවෙන් බවයි විශේෂ විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලකවරයා එම්.ජි.වී. කාරියවසම් සඳහන් කරයි

අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියානු ජාතිකයින් මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බව පවසා බව හෙළිවී ඇති අතර ඔවුන් සේවය කරනු ලබන කොන්ත්‍රාත් සමාගම විසින් පසුගිය මාස දෙකක කාලය සඳහා වැටුප් පවා ගෙවා නොමැති බවට අදාළ ඉන්දියන් ජාතිකයින් ප්‍රකාශ කල බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලකයවරයා සඳහන් කර සිටියේය.

එමෙන්ම එම ගොඩනැගිලි ඉදිකරනු ලබන ස්ථානයේ තිබී තවත් ඉන්දියන් ජාතිකයින් 18 දෙනෙකුගේ ගමන් බලපත්‍ර තමන් භාරයට ගත් බවත් ඒ අදාළ ගමන් බලපත්‍ර වල රැකියා විසා ලබාදී ඇති නමුත් ඒ ඉදිකිරීම් කේෂ්ත්‍රයට අදාළ නොවීම හේතුවෙන් බවයි නියෝජ්‍ය පාලකවරයා එම්.ජි.වී. කාරියවසම්වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අද දිනයේදී මිරිහාන විශේෂ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here