සජින් වාස් ගුණවර්ධන නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කළේය.

එසේ අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසටද නියෝග කළේය.

විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයක් තිබේනම් එය අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව නියෝගයක් කළ මහාධිකරණ විනිසුරුවරයා විදේශගත වීමට අවශ්‍ය නම් අධිකරනයෙන් අනුමැතිය ලබාගෙන එය කළ හැකි බව දන්වා සිටියේය. නඩුව නැවත ඔක්තෝබර් මස 01 වනදා කැඳවේ.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට”කොස්මෝස්” යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවද විමර්ශන වලදී හෙළි වී ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here