ඉදිරිය ගැන තීරණයකට ශ්‍රීලනිපය ගෝඨා සමග සාකච්චා

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර 8 වරට අද සාකච්ඡා වාරදී එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ ද
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, උපසභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න ද එම සාකච්ඡාවන්ට එකතු විය.

මෙම සාකච්ඡාව නිමාවීමෙන් පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අතර තවත් සාකච්ඡාවක් විපක්‍ෂ නායක කාර්යාලයේදී ආරම්භ වූ බව සදහන් වෙයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here