තමිල්නාඩුවට සරණාගතයන් ලෙස ගිය පිරිසක් නැවත දිවයිනට

පසුගිය යුද සමයේ දි මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වු සරණාගතයන් පිරිසක් ඊයේ (05) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

බන්ධනාගාර හා නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර ඔවුන් පසුගිය යුද සමයේදී බෝට්ටු මගින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සරණාගතයන් ලෙස ඇතුල් වි ඇත.

27 දෙනෙකුගෙන් සමන්විත මෙම සරණාගතයින් පිරිසට කාන්තාවන් 11 දෙනෙකු පිරිමි පුද්ගලයන් 10දෙනෙකු හා ළමුන් 6 දෙනෙකු ඇතුලත්. මොවුන් යාපනය, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ව සිට ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here