Thu. Sep 19th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කෝට්ටේ රජමහ විහාරයේ පෙරහැර අදින් ඇරඹේ

Read Time4Seconds

ඓතිහාසික ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර මංගල්‍යයේ මහා පෙරහැර අද රාති‍්‍රයේ වීථි සංචාරය කෙරේ.

මෙවර එම පෙරහැර පැවැත්වෙන්නේ 119 වන වරටයි. රාති‍්‍ර 8.27 ට යෙදෙන සුබ මොහොතින් මංගල හස්ථි රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.

මේ අතර මෙම පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද පස්වරු හයේ සිට පෙරහැර අවසන් වන තුරු පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කර ඇති අතර ඒ හේතුවෙන් මාර්ග අවහිරතා වළක්වා ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *