Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මාලිගේ විශිෂ්ට ජය

Read Time16Seconds

ලසිත් මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන සහ අවසන් 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 8 ක් දැවී රැස් කළේ ලකුණු 125 කිනි.

සිය දෙවන පන්දු වාරයේ අවසන් පන්දු හතරේදී පිට පිට කඩුළු 4 ක් බිද හෙළීමට ලසිත් මාලිංග සමත් වුණේ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී එවැනි දස්කමක් අවස්ථා දෙකකදි දැක්වූ පළමු කී‍්‍රඩකයා ලෙස ඉතිහාසයට එක විය.

ධනුෂ්ක ගුණතිලක පන්දු 25 කදී ලකුණු 30 ක් රැස් කල අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 16 කදී ලකුණු 88 කට දවා ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග නවසීලන්ත කණ්ඩායමේ කඩුළු 5 ක් දවා ගත්තේ සිය පන්දුවාර හතරේදී ලකුණු 6 ක් ලබා ගත්තේය.

කොලිං මුන්රෝ, හමීෂ් රදර්ෆෝඞ්, කොලිං ග‍්‍රෑන්ඞ්හෝම් සහ රොස් ටේලර් මාලිංග යොමුකළ පන්දු 4 ක් හමුවේ පිට පිටම දැවී ගියේය. ඒ අනුව මෙම තරගයේදී ලසිත් මාලිංග විස්සයි විස්ස පිටියේදී ලබාගත් 2 වන කඩුළු ති‍්‍රත්වයට හිමිකම් කියමින් එක්දින පිටියේදීද කඩුළු ති‍්‍රත්ව 3 ක් වාර්තා කිරීමට සමත් විය. එයත් සමග ඔහු ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී වැඩිම කඩුළු ති‍්‍රත්ව වාර්තා කල පන්දු යවන්නා බවට ඉතිහාසයට එක වෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *