අරසපුරකුලම් වැවේ ගිලිණු මවක් සහ දරු දෙදෙනෙකු බේරා ගැනේ

අරසපුරකුලම් වැවෙහි ස්නානය කරමින් සිටියදී දියේ ගිලී අනතුරට ලක්වූ මව සහ දරුවන් දෙදෙනා බේරාගැනීමට   කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 5 වන  යාන්ත්‍රික පාබල රෙජමේන්තුවේ සෙබළුන් දෙදෙනෙකු සමත් වි තිබේ.

මෙම දියේ ගිලුනු කාන්තාව සහ ඇගේ දරුවන් දෙදෙනා උදව් ඉල්ලා කෑගසමින් සිටිනු දුටු එම වැව පසුකර යමින් සිටි මෙම සෙබළුන් දෙදෙනා ඉතා යුහුසුළුව තමන්ට සිදුවිය හැකි අනතුරු ගැන නොසිතමින් වැව්දිය සමග සටන් කරමින් එම මව සහ පුතුන් දෙදෙනා බේරා ගැනිමට සමත්වූහ.

මෙම සෙබළුන් දෙදෙනා  මහත් පරිශ්‍රමයක් දරා දියේ ගිලෙමින් සිටි ඔවුන් තිදෙනා වැව්පිටිය වෙත රැගෙනවිත් කඩිනමින් මුලික ප්‍රථමාධාර ලබාදෙමින් එහි එක්රැස් වූ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව කිසිදු පමාවකින් තොරව ඔවුන්ව ළඟම පිහිටි පූනරින් රෝහල වෙත රැගෙන යන ලදී.

අනතුරුව පූනරින් රෝහල වෙතින් වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්‍ෂණ රෝහලට මාරු කර යවා ඇත.

 

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here