රනිල් සජිත් සාකච්චා කල් යයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද (08) පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව කල් දමා තිබෙනවා. අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ එම සාකච්ඡාව ලබන අඟහරුවාදා දක්වා කල් දමා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යබහුලත්වය නිසා තමයි සාකච්ඡාව කල්දැමුණේ. එදිනට අපි දැනට අපි සතුව තියෙන සමීක්ෂණවල වාර්තා භාර දෙනවා. කොහොමත් අපි ඉස්සරහට තිබ්බ අඩිය පස්සට තියන්නේ නෑ. ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා.. වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා.. කියලා කතාවක් තියෙනවා නේ.. ඒ නිසා අපිත් එතන ඉන්නවා. අනිවාර්යයෙන්ම දෙවන පියවරක් තියෙනවා. ” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඊයේ (07) ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා ද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වී සිටින බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමග පැවති හමුවේදී ප‍්‍රකාශ කළේය.

කෙසේවෙතත්, එම සාකච්ඡාවේදී එවැනි එකඟතාවයකට නොපැමිණි බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කලේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති අර්බුදය ඉදිරි දින කිහිපයේදී විසදෙනු ඇති බවය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here