Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉතා අනතුරුදායක පළිබෝධනාශක රෙගුලාසි ,ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් සියයට 70 කින් අවම කරයි

Read Time16Seconds

ඉතා අනතුරුදායක පළිබෝධනාශක සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසි හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් සියයට 70 කින් අවම වි ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වාදෙන්නේ දස වසරක කාලයක් තුළ මෙමඟින් ආරක්ෂා වි ඇති ජවිත සංඛ්‍යාව 93,000 ක් පමණ වන බවය.

සෑම වසරකම 800,000 කට ආසන්න පිරිසක් සියදිවි නසාගන්නා බවට වාර්තා වෙයි.

ලොව සිදුවන සෑම මරණ 20කට එකක් සිය දිවි නසාගැනිමක් බව අනාවරණ වි ඇත.එය යුද්ධයෙන් හා මිනිමැරිම් මගින් මිය යන සංඛ්‍යාවටත් ඉහළ අගයකි.එමෙන්ම වයස අවුරුදු 15-29 අතර වයසේ පුද්ගලයින්ගේ මියයැම් වලට බලපාන හේතු අතරින් සිය දිවි හානිකරගැනිම් දෙවැනි වන්නේ මාර්ග අනතුරු වලින් සිදුවන මරණ වලට පමණය.

ගෝලීය වශයෙන්, සියදිවි නසාගැනීම්වලින් සියයට 79 ක්ම සිදුවන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල ය. ධනවත් රටවල කාන්තාවන්ට වඩා සිදුවීම් පිරිමින් අතර තුන් ගුණයකින් වැඩි වන අතර දුප්පත් රටවල මෙම අනුපාත වඩා සමාන ය.

ලොව සියදිවිනසාගැනිම් සඳහා භාවිතකරන උපක්‍රම අතුරින් සියයට 20ක්ම උපයෝගි කර ගනු ලබන්නේ විෂ රසායනික ද්‍රව්‍ය ශරිරගත කර ගැනිමයි.

2011 සිට 2013 දක්වා කාලය තුළ කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ජනරජයේ වස විසෙන් සියදිවි නසාගැනීම් අඩකින් අඩුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පෙන්වා දෙයි.

සියදිවි නසා ගැනීම ගැටළුව “මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවයක්” ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනී.

2008 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය ගැප් ක්‍රියාකාරී වැඩසටහන (mhGAP) මානසික, ස්නායු හා ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ආබාධ සඳහා සේවා ඉහළ නැංවීම සඳහා සාක්ෂි පදනම් කරගත් මාර්ගෝපදේශයක් ලෙස දියත් කරන ලදී.

WHO හි 2013-2020 ක්‍රියාකාරී සැලැස්ම 2020 වන විට සියදිවි නසාගැනීම් අනුපාතය සියයට 10 කින් අඩු කිරීමේ ගෝලීය ඉලක්කයක් තබා ඇත; සිය දිවි නසා ගැනීමේ අනුපාතය 2030 දක්වා තුනෙන් එකකින් අඩු කිරීමේ ඉලක්කයක් තබන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව

සැප්තම්බර් මස 10 වනදාට යෙදෙන ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හවුල්කරුවන් සමඟ එක්ව ලොව පුරා සියදිවි නසාගැනීම් පිළිබඳ දැනුවත් කිරීම සහ වැළැක්වීමේ ක්‍රම පිළිබඳ තත්පර 40 ක ක්‍රියාකාරී ව්‍යාපාරයක් දියත් කරනු ඇත. මෙම වසරේ තේමාව ලෙස සියදිවි නසාගැනීම් වැළැක්වීමත් සමඟ ලෝක මානසික සෞඛ්‍ය දිනයේ ඔක්තෝබර් 10 පුරාම ප්‍රචාරණ කටයුතු අඛණ්ඩව සිදු වෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *