හමුදා සේවයෙන් පලා ගිය ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙක් දැලේ

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙසට ලේඛන ගත වු යුද හමුදා සේවයෙන් පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ, නවලෝක වටරවුම අසළ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක් සමඟ කැකිරාව ඈඹුල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

පසුගිය 03 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 05කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් රැඳවුම් නියෝග මත සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර ඔවුන් වත්තල, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවල ගෙවල් බිඳ දේපල සොරා ගැනීම් සිද්ධින් 15කට පමණ සම්බන්ධ බව පොලීසිය සඳහන් කරයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here