අතුරුදහන් වූ ගිනිඅවි දෙක බෝක්කුවකින් සොයා ගනී

පානදුර උතුර පොලිස් ස්ථානයේදී අස්ථානගත වූ ටී 56 ගිනි අවි දෙක අකුරැස්ස ප‍්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබීයදී සොයාගෙන තිබේ. ඉකුත්දා අකුරැස්ස, තිබ්බටුවාව හංදිය ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීම සඳහා මෙම ගිනිඅවි දෙකෙන් එකක් යොදාගන්නට ඇත.

මෙම ගිනිඅවි දෙක අස්ථානගතවීම සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ප‍්‍රදේශයන්හි පාමුර සංචාර සඳහා පොලිසියත් සමග යුද හමුදා සාමාජිකයින්ද එම රාජකාරී සඳහා අනියුක්ත කල අතර ඒ අනුව පානදුර, නල්ලූරුව හමුදා අනුකණ්ඩයේ සෙබළුන් දෙදෙනෙකු පාමුර සංචාරයේ යෙදී සිටි අවස්ථාවකදී මෙම ගිනිඅවි දෙක පොලිස් ජීප් රථයක තිබී සොරාගත් බවටයි දැනට කෙරුණු විමර්ශනවලදී අනාවරණ වී ඇත.

කෙසේවෙතත් පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තබා යතුරු පැදියකින් පලා ගිය සැකකරුවන් තිදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here