Mon. Jan 27th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දියකාවා මෙහෙයුමේදි තවත් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ සොයා ගැනේ

Read Time6 Second

මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් අද (10) දින උදෑසන රුසියානු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ සන්නද්ධ යතුරුපැදිකරුවන්ගේ සහභාගීත්වයෙන් බෝම්බ නිෂ්පාදනය කරන ස්ථානයකට කඩාවැදී ත්‍රස්තවාදීන්ට අයත් බෝම්බ, පතුරොම් ඇතුළු අවිආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබේ.

නාගරික සටන් කුසලතා සහ සෙබළුන් සතුව ඇති සටන් හැකියාව මනාව පෙන්වමින්, පුල්මුඩේ නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ පළමු මහලේ දෘඩාංග වෙළඳ සැලක් ලෙස ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් රහසිගතව පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් එම පුහුණු මෙහෙයුම දියත් කළ භටපිරිස් විසින් සාර්ථකව වටලනු ලැබු බව යුධ හමුදාව පවසයි.

ඉන් අනතුරුව, සිවිල් වැසියන්ට හෝ කිසිදු දේපලකට හානියක් නොවන පරිදී සියලුම ත්‍රස්තවාදීන් සහ පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට භටපිරිස් සමත්වූහ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *