Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා යුධ හමුදාපති හමුවෙයි

Read Time7Seconds

ශ්‍රී ලංකාවේ පිහිටි චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියැන්වෙල් (Senior Colonel Xu Jianwel) යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවි තිබේ.

මෙම සුහද හමුවේදී, චීන හමුදාව විසින් දැනටමත් ලබා දී ඇති වැඩසටහන්වලට අමතරව, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා විවිධ පුහුණු වැඩසටහන් සහ අනෙකුත් හමුදාවන් අතර ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගැනීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට වැඩි අවධානයක් යොමු කළ බව යුද හමුදාව පවසයි.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා චීන හමුදාව විසින් පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත දැක්වූ සහයෝගීතාවය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළ අතර අනාගතයේ දී එවැනි සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරුතිළිණ හුවමාරුවාක් ද සිදුවිය. තවද මෙම අවස්ථාව සඳහා චීන තාතාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක නිලධාරී ද සහභාගී වූහ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *