Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

රටේ ඖෂධ හිඟයක් නැහැ-වෛද්‍ය සැපයුම් අංශය

Read Time19Seconds

සෞඛ්‍යසේවා සපයන ආයතනවලට අවශ්‍ය හදිසි ඖෂධ ලබා දිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්විමෙන් වෛද්‍ය ඒකකයක් පිහිටුවිමට පසුගියදා කටයුතු කෙරුණි.මේ හරහා රටේ ඕනෑම ප්‍රදේශයක පිහිටි සෞඛ්‍ය සේවා සපයන ආයතනයකට අවශ්‍ය ඖෂධ සැපයිමට කටයුතු කරන බවට වෛද්‍ය සැපයුම් අංශය සහතික වෙයි.

එසේම අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබා ගැනිම සඳහා රජය 0766474777 ලෙසට දුරකථන අංකයක්ද හඳුන්වා දෙනු ලැබීය.

කෙසේ වෙතත් මේවන විට රටේ ඖෂධ වර්ග 300කට වැඩි ප්‍රමාණයක හිඟ පවතින බවට විවිධ පාර්ශවවලින් චෝදනාවන් එල්ලවෙයි. එවනි චෝදනාවන් එල්ල වන අවස්ථාවක මෙලෙස බෙදාහැරිම් සිදුකිරිමට ඒකකයක් පිහිටුවිම කොතෙක් දුරට සාර්ථක වන්නේද යන්න පිළිබඳව ගැටළුවක් පවතියි.නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය රටේ ඖෂධ හිඟයක් ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටි සුදර්ශන මහතා මෙලෙස අදහස් දැක්විය.

වෛද්‍ය සංගමයේ නිලධාරින් කියද්දි මම බැලුවා සිරෝ වෙන්නේ කොහොමද ඖෂධ වර්ග 350ක් කියලා.එතනදි අපි හඳුනාගත්තා ඖෂධ වර්ග 160 ක් තියෙනවා නේම් පේෂන්.මේ නේම් පේෂන් ඖෂධ සිස්ටම් එකේ තියෙන්නෙ හැම විටම සිරෝ විදිහට .හැබැයි ලැයිස්තුවක් විදිහට පිටත ආයතනවලට පේන්නෙ.එතකොට අපි ඇයි නේම් පේෂන් සිරෝ වෙන්නෙ කියලා බලන්න ඕන.නේම් පේෂන් එක පටන්ගන්නෙ ඔන් රික්වෙස්ට් .එතකොට අපි හඳුනාගත්තා 160ක් ඒ ලැයිස්තුවේ තියෙනවා එතකොට අපි 350න් 16ක් අඩුකරන්න ඕන .මධ්‍යම බෙහෙත් ගබඩාවේ 200ක් ඖෂධ වර්ග අඩුයි කියලයි ඒගොල්ලො කියන්නේ.අපි ඖෂධ මධ්‍යම ඖෂධ ගබඩාවට ගන්නවා ඉමිඩියට්ලි ඩිස්ට්‍රිබියුට් කරනවා.අපි ඹෟෂධ මධ්‍යම ගබඩාවේ ගබඩා කරන්නෙ නැ.දන් අපි භාවිත කරන සංකල්පය නැෂනල් ස්ටොක්.ඒක ඇතුලේ 200ක අඩුවක් නැහැ.ඒ නැෂනල් ස්ටොක් එක ඇතු‍ලේ ඖෂධ 200ක අඩුවක් නැහැ.ඒ නැෂනල් ස්ටොක් එකේදි එක එ රෝහල්වලට අනන්‍ය ඹෟෂධ වර්ග තියෙනවා.එස්පිසි ආයතනය අපිට ඖෂධ දෙන්නෙ ෂෙඩුල් එකකට .මේ ෂෙඩුල් එක නොවැලැක්විය හේතුවක් නිසා යම්ප්‍රමාදයක් වුනොත් තමයි මේ හඟතාවය ඇති වෙන්නෙ.එවිට කොටි මිලදි ගැනිම් කරනව සති දෙකක් ඇතුළත අදාළ ඖෂධය එනකල්.ඖෂධ 350ක් හිඟ කතාව අසත්‍යක්.රටේ කිසිම බෙහෙතක් නැහැ කියන අවස්ථාව ඉතා විරලයි.

 

රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපති එම්.එස්.එම් රූමි මහතා සඳහන් කළේ මින් ඉදිරියට මෙඩි කෝල්ස් දුරකථන අංකය අමතා 0766474777 ඕනෑම ඖෂධයක ගැටළුවක් පවති නම් මහජනතාවට විමසිමේ හැකියාවක් පවතින බවය.

රෝහල්වලට රෝගින් පැමිණෙන සංඛ්‍යාව වැඩිවෙලා ඇති බව සහ 2019 වර්ෂයේ වෛද්‍ය සැපයුම් අංශයට විශාල ඇනවුම් ලැබි ඇති බවත් ඔහු කියා සිටියේය.

ඉස්සරට වඩා ජනතාව විශ්වාසයකින් රජයේ රෝහල් වෙත පැමිණෙනවා.ඖෂධ වල ඉල්ලුම වැඩිවෙලා තියෙනවා.ලංකාව පුරාම ඔෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා.නමුත් වසංගත තත්ත්වයක් හෝ ඔෂධ භාවිතයේ වැඩිවිමක් වුනොත් හිඟ වෙන්න පුළුවන්.ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි.නමුත් අපි කටයුතු කරනවා හිඟයකින් තොරව පවත්වාගෙන යන්න.ඉදිරියට හිඟවෙන්න පුළුවන් ඖෂධ ගැන සමාලෝචන රැස්විමක් අපි කැඳවලා තියෙනවා.අපි එතනදි සාකච්ජා කරලා අවශ්‍ය කටයුතු සිදු කරනවා.ඒ අනුව කිසිම ප්‍රශ්නයකින් තොරව අඛණ්ඩව සියලු ඖෂධ මහජනතාවට ලබා දිමට කටයුතු කරනවා.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *