වෙන්නප්පුව ප්‍රා.ස. මන්ත්‍රී සහ සොහොයුරිය තව දුරටත් රිමාන්ඩ්

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්‍රීවරියගේ සහෝදරිය පසුගිය මස 19 වනදා වෙන්නප්පුව, සීනෝර් ප්‍රදේශයේදී පොලිසිය විසින් රඳවා ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here