අද තද වැසි

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපර්තේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150ක තද වර්ෂාපතනයන්අපේක්ෂා කල හැක.

සෙසු පලාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here