Thu. Sep 19th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇවන්ගාඩ් මහා මුහුදේ ආයුධ ජාවාරම් නඩුවට අධිචෝදනා

Read Time0Seconds

ඇවන්ගාඩ් මහා මුහුදේ ආයුධ ජාවාරම් නඩුවේ අධිචෝදනා සැප්තැම්බර් 27 වන දින මහාධිකරණ නඩු විභාගයේදී විත්තිකරුවන්ට ලබා දීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඇවන්ගාඩ් අවි ආයුධ ජාවාරම සම්බන්ධයෙන් චෝදනා 7,573ක් ඇතුළත් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

මේ අතර ගාලු වරායේ ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *