Mon. Feb 17th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇපල් මැක්ඇබුක් ප්‍රෝ උපාංග ගුවන් යානා තුල ගෙන යාම සිමා කරයි 

Read Time10 Second

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැගෙන යාම සීමා කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබේ. ඇපල් සමාගම විසින් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග නිපදවා ඇත්තේ සීමිත සංඛ්‍යාවකි.

ඒවායේ බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති විය හැකි බව ඇපල් සමාගම නිවේදනය කර තිබේ. අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැුගෙන යාම සීමා කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත්තේ ද ඒ අනුවය.

තවද තමන් සතු අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ආරක්ෂිත බවට ඇපල් සමාගමෙන් තහවුරුවක් ලබා ගන්නා ලෙස ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලයි. එවැනි තහවුරුවක් ලබාගෙන නොමැති අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය යානා තුළ රැගෙන යාමට අවසර නොදෙන බව ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.

උපාංගය සත්‍යාපනය කිරීම සඳහා, ඇපල් අඟල් 15 මැක්බුක් ප්‍රෝ බැටරි නැවත කැඳවීමේ වැඩසටහනේ සබැඳිය අනුගමනය කරන ලෙස මගීන්ගෙන් ඉල්ලා ඇත. වැඩි විස්තර සඳහා මගීන්ට +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පැය 24 සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *