Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

චිචිගේ සර්ප්‍රයිස් වෙඩින් තෑග්ග

Read Time4Seconds

රෝහිත රාජපක්ෂ අලුත්ම ගීත වීඩියෝව “මතකයිද අයියේ” මේ වන විට නිකුත් වී තිබෙනවා.

එය තම වැඩිමල් සහෝදරයට සර්ප්‍රයිස් මංගල තෑග්ගක් විදිහට තමයි කරලා තියෙන්නේ කුඩාකල සියලු මතක ඇතුළුව.

චිචී කුඩා කල සිටම වෙනස්ම ආරෙකට ගිය තරුණයෙක්. දේශපාලනයෙන් මදක් ඈත්ව ඔහු වඩාත්ම ප්‍රිය වුයේ කලාවට.

ගීත ගායනයට වගේම ගීත ලිවීමේ හැකියාවකුත් ඔහු සතුයි. උසස් අධ්‍යාපනයත් සමග කලාව ඔහුගේ ජීවිතය ප්‍රාණවත් කිරීමට අද වන විට සමත්ව තිබෙනවා.

මේ සහෝදර ත්‍රිත්වයේ දිම අපූරුවට විදහා දක්වා ඇති මතකයිද අයියේ වීඩියෝව මේ වන විටත් ජනප්‍රියතම ගීතයක් බවට පත් වෙලා.

නාමල් එදා ඉදලම චිචී ගේ කලා වැඩවලට හරිම ප්‍රිය කලා. ඒ වගේ පවුලේ සියලු දෙනාම හරිම අසාවෙන් චිචිගේ සිංදු බලන් ඉන්නවා කියලා මේ ගැන කතා කල වේලක අපිට නාමල් පැවසු අයුරු මතකයි.

ඒ නිසාම එක ගීතයකට නාමල් ද රගපෑමෙන් සම්බන්ද වෙලා තිබුණා. කොහොම වුණත් මේ වන විට රෝහිත රාජපක්ෂ ටටියානා ගේ කැදැල්ලට අළුත් සාමාජිකයෙක් එකතු වෙන්න නියමිතයි.

  • Ash
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *