Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සාමණේර දෙනමට පහර දීම සම්බන්දයෙන් පරීක්ෂණ විධිමත් කරන්නැයි අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක්

Read Time10Seconds

හොරොව්පතාන ප‍්‍රදේශයේ පිරිවෙණක සාමණේර භික්‍ෂූන් වහන්සේ දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නාහිමියන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විධිමත්ව පරීක්‍ෂණයක් පවත්වා මින් මතු එවැනි සිදුවීම් ඇති නොවීමට කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසයි මහා නාහිමියන් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

අදාළ සිද්ධිය සමස්ත භික්‍ෂු සමාජයම හා ලෝකවාසී ජනතාවගේ හදවත් සසළ කළ සිදුවීමක් බවද මහා නාහිමියන් පෙන්වා දෙයි.

සාමණේර භික්‍ෂූන් වහන්සේලාගේ යම් දෝෂයක් වේ නම් උන්වහන්සේලා නිවැරදි ශාසනික බ‍්‍රහ්මචාරී ජීවිතයට අනුකූලව ශික්‍ෂණය ලබාදීමේ වගකීම ඇත්තේ භික්‍ෂුන් වහන්සේට මිස ගිහියන්ට නොවන බවද එම ලිපියේ සදහන් වේ..

ගිිහි පිංවතුන්ගේ වගකීම වන්නේ යම් භික්‍ෂුවක් වැරැද්දක් සිදු කරයි නම් එය වැඩිහිටි භික්‍ෂූන් වහන්සේ නමකට දැනුම්දීම බවද අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නාහිමියන් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *