Sat. Feb 29th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

හෙරොයින් ආනයනය කල පකිස්ථාන ජාතිකයින් 7කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

Read Time1 Minute, 27 Second

මෙරටට හෙරොයින් ආනයනය කරන ලද පාකිස්ථාන ජාතිකයින් 7දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

හෙරොයින් ලංකාවට ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට පත් පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකුට හා සැකකාරියක් ද, රේගුව මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කළ පාකිස්ථාන ජාතික සැකකරුවන් සිව් දෙනෙකුට මෙම දඬුවම හිමිව ඇතැයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය මඟින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා, සැකකරුවන් 6 දෙනා සහ සැකකාරිය ඉහත චෝදනා 3 ට වරද පිළිගැනීමෙන් පසුව 2019.08.28 වන දින මීගමුව මහාධිකරණය මඟින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චූදිතයින් සියලු දෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *