Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අයිෆල් කුළුනට වඩා උස නෙළුම් කුළුන

Read Time14Seconds

දකුණු ආසියාවේ උසම කුළුන ලෙස හිමිකම් කියන නෙළුම් කුළුන ඇමරිකානු ඩොලර් මිලියන 104.3 ක ආයෝජනයක් යටතේ ඉදිකර ඇත.

මෙම කුළුණ කෞතුකාගාරයක්, අවන්හලක්, සුපිරි වෙළඳසැල්,සම්මන්ත්‍රණ ශාලා, ආසන 1,000 ක ශ්‍රවණාගාරයක්, සුඛෝපභෝගී හෝටල් කාමර සහ නිරීක්ෂණ ගැලරියකින් සමන්විත වෙයි.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් චීනයේ සමාගම් දෙකක් (China National Electronics Import and Export Corporation (CEIEC) සහ Aerospace Long-March International Trade Co. Ltd (ALIT) ඉදිරිපත් විය.

මෙහි ඉදිකිරීම් කටයුතු 2012 වසරේදී ආරම්භ කෙරිණු අතර මේ සඳහා මුල් ගල තබනු ලැබුවේ එවකට අමාත්‍යවරයෙකුව සිටි බැසිල් රාජපක්ෂ මහතා විසිනි

මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තුවිද්‍යා අංශයේ සහ දේශීය වාස්තු විද්‍යාඥයන්ගේ පූර්ණ සහයෝගීත්වය හිමිවිය. ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සඳහා ඉදිවන මේ කුළුනේ උස මීටර් 350ක් පමණ වන අතර එය නිරීක්‍ෂණ මැදිරි, සංචාරක හෝටල්, රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු, විදුලි සංදේශ හා දූරකථන සම්ප්‍රේෂණ කටයුතු ආදී සියලු පහසුකම්වලින් සමන්විත ය

ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිවු මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර් 26ක් උස බව වාර්තා වෙයි.

මෙම කුළුන ලෝකයේ උසම කුළුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගන්නා බවද ඉදිකිරිම් කටයුතු ඇරඹු අවස්ථාවෙිදි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසිය.

අක්කර 10ක පමණ භූමි වපසරයකින් යුත් මෙහි ඇතුළත අධිවේග විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේග විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත.

නෙලුම්මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයටම නැරඹුම් මැදිරියක්ද ඇතුළත් වෙයි. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත.

මෙහි ඇති නැරඹුම් මැදිරියට කැරකෙන භෝජනාගාරයක් ඇතුළත් වන අතර මෙහි උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය.

මුළු කොළඹ ම කවුළු තුළින් නරඹන්නට හැකි අමුත්තන් දහසකට පමණ එක්විය හැකි උත්සව ශාලාවක්ද මෙහි ඉදිකොට ඇත.

 

                                                                                                                                                      . MS

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *