Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාවාදෙන්නන් පක්ෂය අතහැරලා කරන ප්‍රකාශ අපිට අදාළ නැහැ-දයාසිරි ජයසේකර

Read Time21Seconds

 

ජනාධිපතිවරණ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ මහලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභපතිවරයා අතර සාකච්ජාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදි පැවැත්වුනි.එහිදි මැතිවරණය පැවැත්විමට නියමිත දින වකවානු පිළිබඳව සහ මැතිවරණ ව්‍යාපාරය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සාකච්ජා කෙරුණි.සාකච්ජාවෙන් අනතුරුව කළ විමසිමේදි අදහස් දැක්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා

 

මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ජාවේදි මොකද වුනේ ?

පුර්ණ මැතිවරණට පිළිබඳව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ජා වුනා.මාධ්‍ය භාවිතය ,ජාතිවාදි ප්‍රකාශ සහ සමාජ මාධ්‍ය ජාලා වලින් සිදුවන චරිත ඝාතනයන් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි අදහස් ඉදිරිපත් කළා.ඒ වගේම විශේෂයෙන් එක් අපේක්ෂකයන් විවිධ ක්‍රිඩාංගන  වෙන් කර ගැනිමපිළිබදව අදහස් ඉදිරිපත් කළා.

 

ජනාධිපතිවරණය පවත්වන දින පිළිබඳව දැනුවත් කළාද?

ජනාධිපතිවරණ දින වකවානු මං හිතන්නෙ ඉක්මනින් යොදන්න කොමිසම බලාපොරොත්තු වෙනවා.මං හිතන්නෙ දෙසැම්බර් 7 අවසාන දිනයත් නොවැම්බර් 15 අතර කාලයේදිමැතිවරණය තියෙන බව ප්‍රකාශ කළා.

 

ඔබතුමාලගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්නෙ කව්ද?

තාම තිරණයක් අරගෙන නැහැ .ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු තමයි යම් තිරණයක් ගන්න වෙන්නෙ.අපි එකමුතු වෙලා යනවාද නැත්නම් වෙනම අපෙක්ෂකයෙක් ඉදිරිපත් වෙනවාද යන කාරණය.

 

ජනාධිපතිවරණය සඳහා කටයුතු කිරිමට ඇති කාලය ප්‍රමාණවත්ද?

කාලය ප්‍රමාණවත් අපි සම්පුර්ණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා .දිස්ත්‍රික් සම්මේලන පවත්වාගෙන යනවා.

පොහොට්ටුව සමග පැවති සාකච්ජා සාර්ථකද ?

සාකච්ජා අපි කරගෙන යනවා තවමත් සාකච්ජා සාර්ථක වෙලා ස්ථාවරභාවයකට ඇවිල්ලා නැහැ.කෙසේ වෙතත් අපි අවසන් මොහෙත දක්වා උත්සාහා කරනවා සියලු දෙනාම එකට එකතු කරගෙන මේ වැඩ පිළිවෙලට සහයෝගය දෙන්න.මොකද රට වෙනුවෙන් ස්ථාවර වැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කළ යතුයි .පක්ධයේ ගෞරවය සහ පාක්ෂිකයින්ට එකට එකතුව කටයුතු කිරිමට අවශ්‍ය ස්ථානයකත් සැදිමට තමයි බලාපොරොත්තු වෙන්නෙ.

ඔබතුමාට චෝදනාවක් එල්ල වෙනවා පොහොට්ටුවේ ලාංජනය වෙනස් කරන්න යනවා කියලා?

පොදු ජන පෙරමුණේ ඔය එකතුවෙන්න වුවමනා නැති අයනේ ඔය චෝදනා කරනේ .ඒ ගොල්ලන්ට ඒක තනියම කරගන්න පුළුවන්නම් කරගන්න කියන්න.අපිට අවශ්‍ය වෙලා තිබුණා එකමුතු වෙලා වැඩ කරන්න.අපි ජනපති අපේක්ෂකයෙක් පත් කළෙත් නැහැ සන්ධානයක් හැදුවෙත් නැ .අගමැති අපේක්ෂකයෙක් හැදුවෙත් නැ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතරයක් ඒකමතිකව තින්දු කළේ ලාංජනය වෙනස් කිරිම අත්‍යාවශය කාරණයක් බව.චෝදනා කරන්න පුළුවන්ඕන කෙනෙකුට නමුත් චෝදනා කරන එක නෙමෙයි වැදගත් වෙන්නෙ එකතුවෙලා වැඩ කරන්නෙ කොහෙමද කියන එක.ඒක අමාරු වැඩක් ඒ වැඩේ ස්ථාවරව ඉිදිරියට ගෙන යන්නෙ කොහෙමද කියන එක තමයි අපි කල්පනා කරන්නෙ.

 

ඔබතුමාලගේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු තමයි පොහොට්ටුවට වැඩි කැමැත්තක් දකවන්නෙ?

ඒ ගොල්ලො අපේ පක්ෂයේ කට්ටිය නෙමෙයින දැන් .ඒගොල්ලො  බඩ ගෝස්තර වාදය වෙනුවෙන් පෙනි සිටින අය.ඒ කට්ටිය ගැන අපිට කථා කරන්න වුවමනාවක් නැහැ.දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්න පක්ෂයේ ශ්‍රේෂ්ඨයින් පක්ෂයේ ඉන්නවා.දුර්වලයන් පාවාදෙන්නන්  පක්ෂය අතඇරලා යනවා.පාවා දෙන්නන් පක්ෂය අතහැරලා කරන ප්‍රකාශ අපිට අදාළ නැහැ.ඒ අයගේ ප්‍රකාශ අපි ගණන් ගන්නෙ නැහැ.

 

ජනාධිපතිවරණයට ඉදිරිපත් විම  ගැන ජනාධිපතිතුමාගේ අදහස මොකද්ද?

තාම එතුමා මොකුත් අදහසක් ඉදිරිපත් කළේ නැහැ බලමු.

 

මේ ගැටළු එක්ක  නොවැම්බර් මස ජන්දයට සුදානම් වෙන්න  කල් ඇතිද?

අපි බලනවා ඉක්මනින් මේක අවසන් කරගන්න බැරිවුනොත් ඊළගට ගන්න ක්‍රියා මාර්ගය ගැන අපි සාකච්ජා කරන්න අවශ්‍යයි.

 

 

                                                                                                                                                                      MS

 

 

 

 

 

 

 

 

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *