Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨාභය අත්අඩංගුවට ගත්තත් ජනපතිවීම වලක්වන්න බෑ: උදය ගම්මන්පිල

Read Time29Seconds

විපක්ෂ නායක කාරයාලයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්,

ප්‍රශ්නය ,

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරයේ සිට එජාපය තුළ එතුමාගේ බලය රැකගැනීම සඳහා යම් යම් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරමින් යනවා. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට එතුමාට හිතවත් තවත් පිරිසක් පත් කර ගෙන එතුමා බලයේ රැඳී සිටින්න කටයුතු කරන බවත් ආරංචියි. ඔබතුමා මේක දකින්නේ කොහොමද ?

පිළිතුර ,

අපේ පිලේ ඇතිවුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනය එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද හිමිවිය යුතුයි. අපේ පාක්ෂිකයන් බහුතරයකගේ ඉල්ලීම වුණේ අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වියයුතු බවයි. ඒ බහුතර ඉල්ලීමට අපේ පැත්තෙන් ඉඩ හිමිවුණා. එමෙන්ම එජාපයේ බහුතරයේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් එතුමාට අපේක්ෂකත්වය ලබා දිය යුතුයි.  ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකයි අපේ විශ්වාසය. දන් දීම ඇරඹිය යුත්තේ ඔබේ නිවසෙනි කියලා කියමනක් තියනවා. ඒ වගේම අපිත් කියනවා එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹිය යුත්තේ සිරිකොතෙනි කියලා.

එක්සත් ජාතික පක්ෂ සිටින මගේ පරණ මිත්‍රයා ගරු පාච රණවක ඇමතිතුමා කියනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී පිළයි මේ ලංකා දේශපාලනයේ සිටින කියලා. පුංචි ඡන්දය වසර තුනක් තිස්සේ කල් දාපු, පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දාපු, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ජනාධිපතිවරණයද නැතිකිරීමට උත්සාහ දරපු, පක්ෂය තුළ සිටින ජනප්‍රියතම පුද්ගලයාට ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලබානොදෙන, වසර 25ක් එකම පුද්ගලයා නායකත්වයේ එල්ලී සිටින, පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී පිල ලෙසින් හඳුන්වා දීමට පාච රණවක ඇමතිතුමාට ලැජ්ජා නැද්දැයි අපි ප්‍රශ්න කරනවා. මෙවැනි ප්‍රකාශ කරනවා නම් ඇඳුම් උනා දමා පැමිණෙන්න කියලයි අපට එතුමාට කියන්නට වෙන්නේ.

ප්‍රශ්නය ,

ඇලිට් සමාගම නිවේදනයක් නිකුත් කළා  තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්. ඔබතුමා මේ ගැන මොකද කියන්නේ.


පිළිතුර ,

ජනාධිපතිතුමන් මෙම චෝදනා එල්ල කරන විටම අප කිව්වා ජනාධිපතිතුමන්ගේ පරම සතුරන් මිතුරන් විලාසයෙන් එතුමා ළඟින් සිටිමින් එතුමාට ලණු දෙනවා කියලා. ජනාධිපතිතුමන්ගේ එම තනි වාක්‍යය තුල බොරු තුනක් තිබෙන බව අපි සඳහන් කළා.  පලවෙනි බොරුව තමයි ඇලිට් සමාගමට කෝටි දෙසීයක් ගෙව්වා කියන එක. දෙවන බොරුව තමයි ඇලිට් සමාගම අතුරුදහන් කියන එක. තෙවන බොරුව තමයි එම කෝටි දෙසිය නාස්තියක් අතුරුදහන් වීමක් බවට පත් උනා කියන එක. ඒ කාරණා තුනම බොරු බව මේ වන විට ඔප්පු වී හමාරයි. ඒ සමාගම අතුරුදහන් බවට ජනාධිපතිතුමාට දැනුම් දුන්නාය කියන කරුණාසේන කොඩිතුවක්කු තානාපතිතුමා ඇලිට් කියන ලාංඡනය යටතේ ඉඳගෙන එම සමාගමේ අයත් එක්ක සාකච්ඡා කරන ඡායාරූප දැන් ඔබට දකින්න පුළුවන්.

ඇලිට් සමාගම කියනවා අප ඉතාමත්ම සක්‍රීය ජාත්‍යන්තර කීර්තියක් තියෙන චීන රාජ්‍ය සමාගමක් බව. ඒ වගේම ඔවුන්ට කිසිදු මුදලක් නොගෙවූ බවත්, කුළුණේ මුල සිට අග දක්වා  ඉදිකිරීම් කරලා ආණ්ඩුවට කුළුණ භාර දෙන සමාගමටම සෑම මුදලක්ම ගෙවා ඇති බව. ඒ අනුව හැම සතයක්ම ගිහින් තියෙන්නේ එකම ගිණුමකට. ඒ නිසා එදා අප කළ ප්‍රකාශය මේ චීන සමාගමේ ප්‍රකාශය හරහා තහවුරු වී තිබෙනවා.

එසේම ජාත්‍යන්තර මාධ්‍ය මෙම කාරණය ප්‍රධාන කාරණයක් ලෙස දක්වා තිබෙනවා.  වත්මන් ලෝකයේ සිටින ලොකුම ආයෝජකයා චීන ආණ්ඩුවයි. මේ කෝටි දෙසීයක් සමගින් අතුරුදහන්වූවා යැයි චෝදනා ලබන්නේ චීන ආන්ඩුවේ කීර්තිමත්ම සමාගමක්. ලෝකයේ ලොකුම ආයෝජකයා ලෙසින් චීනය සතු කීර්තිනාමය දැවැන්ත ලෙස පළුදු කිරීමක් මින් සිදුවෙලා තියෙන විදිහටයි චීනය දකින්නේ.  දිනය යනු ශ්‍රී ලංකාවට සිටින ලොකුම ආයෝජකයා. 2013 වර්ෂය වන විට ජපානය පරදවා ශ්‍රී ලංකාවට වැඩිම ආධාර ලබාදුන් අපේ මිත්‍රයා. සියල්ලටමත් වඩා තමන්ට හිමි නිශේධ බලය ද භාවිතා කරමින් ජාත්‍යන්තර අර්බුධයන්හිදී ශ්‍රී ලංකාව රැකගත් ශ්‍රී ලංකාවේ ආදරණීය සහෝදරයා. ඒ නිසා චීනයට ශ්‍රී ලංකාව මෙවැනි දෙයක් කිරීම  යුතු නැහැ. කැමති වුනත් නැතිවුනත් මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුවින් පිටවන සෑම වචනයක්ම ඒ රටේ නිල මතය විදිහටයි ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නේ. අපේ ජනපතිතුමා මේ වන විට හොඳට ම දන්නවා එතුමාගේ කටින් කියැවුණේ වැරැද්දක් බව. අපේ පැත්තේ සිත් රිදුනා. නමුත් අපි ඒ සියල්ල අමතක කරලා ඉන්නේ. අපේ මිත්‍රයා ආරක්ෂකයා වන චීනයට සිදුවූ හානිය, ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයට අනිකුත් ලංකාවේ ආයෝජනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමේ ආයෝජකයන්ට ලංකාව පිළිබඳ විශ්වාසය පළුදු කිරීමක්. ඒ නිසා රටට ආදරයක් තිබේනම් මේ ප්‍රකාශය නිවැරදි කරලා සමාව ගන්නට බැරි නම් චීනයට කටුව ප්‍රකාශ කිරීමට තරම් නිහතමානි වීමට ජනාධිපතිතුමා කටයුතු කරයි කියලා අපි මවුබිමට ආදරය කරන පුද්ගලයන් විදිහට එතුමාගෙන් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *