Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පිංබර ටිකිරිගේ වේදනාකාරී නික්මයාම

Read Time16Seconds

මහත් ආන්දෝලනයට ලක් වූ ටිකිරි අවුරුදු 70 ආයු වළදා කොළඹ අගනුවරට කිලෝමීටර් 80 ක් (සැතපුම් 50 ක්) නැගෙනහිරින් පිහිටි කෑගල්ලේදී 24 වන අඟහරුවාදා රාත්‍රියේ මිය ගියේය.

මේ පිළිබදව සමහරුන් කියන්නේ ටිකිරි දැඩි මන්දපෝෂණයෙන් පෙළුණ බවයි. දුර්වල සිටි සත්වයා දළදා මාලිගාවේ මෙවර පෙරහැරට එකතු වීමත් සමග ඊට එරෙහිව සමාජ මාධ්‍ය වල ගිනි කුණාටුවක් පුපුරා ගියා මෙන් කතා බහට ලක් විය.එහෙත් ඇයගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවයි

සේව් එලිෆන්ට් පදනමේ නිර්මාතෘ ලෙක් චයිලර්ට් සමාජ මාධ්‍යවල ලියා ඇත්තේ “ටිකිරි ඇගේ ඇඳුම නිසා කෙතරම් දුර්වල දැයි ප්‍රේක්ෂකයන්ට නොතේරුණු බවයි.මහජනයාගේ විරෝධයෙන් පසුව වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග සෞඛ්‍ය සම්පන්නව සිටියද ටිකිරි වාර්ෂික පෙළපාළියට සහභාගී වූයේ ඇයිද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ නමුත් එහි ප්‍රතිපල තවමත් අනාවරණය නොවුණි.

දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල සාම්ප්‍රදායික බෙර වාදකයින් සහ නර්තන ශිල්පීන් මෙන්ම අලි 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ වාර්ෂික උත්සවය පවත්වයි. බොහෝ ධනවත් ශ්‍රී ලාංකිකයන් අලි සුරතල් සතුන් ලෙස තබාගත්තද, අයුතු ලෙස සැලකීම සහ කුරිරුකම් පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබේ.

ගිනස් ලෝක වාර්තාවල දැක්වෙන්නේ ආසියානු අලියෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 60 ක් පමණ වන අතර, වාර්තාගත වයස්ගතම තැනැත්තා ලින් වැන්ග් ය. දෙවන ලෝක යුද්ධ සමයේ බුරුමයේ සිටි තායිවාන් සත්වෝද්‍යානයක මිය යාමට පෙර ජපාන හමුදාවට අවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය ගොනෙකු වූ ලින් වැන්ග් ය. 2003 වයස අවුරුදු 86 යි.

කුමන ප්‍රශ්ණයක් තිබුනත් ටිකිරිගේ වියෝව මුළු මහත් ජනතාවගේම කම්පාවට හේතුවකි. මෙතෙක් කල් ටිකිරි බලාගත් ඇත්ගොව්වා ටිකිරිකගේ නිසල දේහය ළඟට වී හඩා වැටෙමින් සිටියි. දළඳා පෙරහැරේ විශ්ණු දේවාලය නියෝජනය කරමින් මහනුවර රන්දෝලි පෙරහැරේ ටිකිරි ඇතින්න ගමන් කරන්නේ වයස අවුරුදු 5 සිටය. වයෝවෘධ වූවත් අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී මෙලෙස මෙවර දළඳා පෙරහැරේද මෙම ඇතින්න ගමන් කළේය.

‘මම මේ ඇතින්න පෙර­හ­රට එව්වේ සල්ලි හොයන්න නෙවෙයි. සතා දැන් මාස හයක ඉඳලා ලෙඩින් ඉන්නේ. කෑම කෑවත් ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. ඒ නිසා ඇඟ දව­සින් දවස කෙට්ටු වුණා. බෙහෙත් කළත් මුල් කාලයේ ඒවා ඇඟට පත්ති­යම් වුණේ නැහැ. දැඩි මුණ්ඩ දෙවි­ය­න්ටත් විෂ්ණු දෙවි­ය­න්ටත් බාර­යක් වුණා ඇතා ජීවත් වුණොත් මහ­නු­වර පෙර­හරේ එක රන්දෝලි පෙර­හ­ර­කට හරි සම්බන්ධ කර­නවා කියලා. දෙවි­යන්ගේ පිහි­ටෙන් ඇති­න්නට සුව වුණා. මම දෙවි­යන්ට වුණු පොරො­න්දුව ඉෂ්ඨ කරන්න ඕන. ඒක සමාජ මධ්‍යය වලින් මාවත් පෙර­හ­රත් විවේ­ච­නය කරන උද­විය දන්නේ නැහැ. මගේ අතේ සල්ලි විය­දම් කරලා තමයි කෑගල්ලේ රන්දෙ­ණියේ ඉඳලා ඇතින්න නුවර යැව්වේ. කෑම දිර­වන්නේ නැති නිසා සතාව දව­ස­කට කිලෝ මීටර දෙක තුනක් ඇවි­ද්ද­වන්න කියලා වෛද්‍ය­වරු කිව්වා. අපි ඒක හැම­දාම කර­නවා. පෙර­හරේ යන­කො­ටත් කරන්නේ සතා ඇවි­දින එකනේ.

දැන් ඇති­න්නට වයස 70 ක් පමණ වෙනවා. වය­සත් එක්ක ලෙඩ­කුත් හැදුණ නිසා සතා හොඳට ම දුර්වලා වුණා. දැන් ගොඩක් හොඳයි. අපි පෙර­හ­රට එව්වා කියලා එක­පා­ර­ටම සතාව පෙර­හ­රට දාන්න බැහැ.පේරා­දෙ­ණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය­වරු සතාව පරීක්ෂා කරලා බලලා පෙර­හරේ යවන්න කියලා නිර්දේ­ශ­යක් දුන්නට පස්සේ තමයි එයාව පෙර­හ­රට සම්බන්ධ කරන්නේ. මම මේ ඇතින්න වෙනු­වෙන් මාසෙ­කට රුපි­යල් ලක්ෂ එක­හ­මා­රක් විතර විය­දම් කර­නවා. සතා ජීවත් කර­වන්න අපි ගන්න මහ­න්සිය කවු­රුත් දන්නේ නැහැ. මේ සත්තුන්ගේ අයි­තීන් වෙනු­වෙන් කෑග­හන අය එක රුපි­ය­ලක් සත්තු වෙනු­වෙන් වැය කර­න­වද? අපිත් සත්තුන්ට ආද­රෙයි.“ ටිකිරිගේ භාරකරු පැවසුවේ මෙවැන්නකි.

ටිකිරි හිමි­ක­රු­වන් කිහිප දෙනෙ­කු­ගේම අතින් අතට ගිය ඇති­න්නි­යකි. ඇතින්න මුලින් අයි­තිව ඇත්තේ රත්වත්තේ පවු­ල­ටය. පසුව පිළි­ම­ත­ලාව ආරි­ය­සේන මහතා ඇති­න්නව මිලට ගෙන මතු­ගම ජගත් විතාන මහ­තා­ටත් කොළො­න්නාව සුමං­ගල හිමි­ය­න්ටත් ඇති­න්නගේ හිමි­කා­ර­ත්වය ඉන් පසුව පැවරී ඇත. අව­සා­නයේ කෑගල්ල රන්දෙ­ණියේ තිල­ක­රත්න මහ­තාට ටිකිරිගේ අයිතිය පැවරිණි. ටිකිරි ඇතින්න අවු­රුදු පහක පමණ වයසේ සිටි­යදී බල­පත්‍ර මත කැල­යෙන් අල්ලපු සතෙක් බවට අනු­මාන කළ හැකිය.

සත්ත්ව හිංසාව වෙනු­වෙන් බොරු­වට ඩොලර් වලට කෑ ගහන අය අනන්තය. සත්ත්ව සුබ සාධ­නය අත්‍ය­ව­ශ්‍යය කාර­ණ­යකි. සතුන්ට හිංසා­වක් වෙනවා නම් ඒක කොයි සතා­ටත් එකය. රජ කාලේ ඉඳලා මේ පෙර­හර සංස්කෘ­තිය අපේ ජාති­යට උරු­මව පව­තින දෙයක්. අලි ඇතුන් ගමන් කළේ අද ඊයේ නොවේය. සතා සුව වෙන්න කියලා වුණු බාර­යක් ඔප්පු කරන්න හෝ ඌ ගෙනාවත් ඔහුගේ සුවතාවය පරික්ෂ කල යුතුව ඇත.

ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සිය ට්විටර් ගිණුමෙන් මෙසේ සටහන් කර තිබිණි.

”පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං
විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත …
ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය..”

මෙම ඇතින්න පසුගිය වසරේ පෙරහැරේ ගමන් කළ ඇය ආහාර ජීරණ පද්ධතියේ ඇතිවූ රෝගි තත්ත්වයක් නිසා මාස 6ක් තිස්සේ පීඩාවට පත්ව සිටි ඇති බවද ඇතින්ගේ බාරකරු පැවසීය.ඇය පිළි­බඳ මෙරට පම­ණක් නොව, දැන් විදෙස් පරි­ස­ර­වේ­දින්, සත්ව­වේ­දීන් ද කතා කර­න්නට පට­න්ගෙන ඇත. අයිතිකරුවන් සිටියත් අද පවතින වාතාවරණය හමුවේ මෙවන් සතුන්ට අහාර දීමේ වියදම් පියවා ගැනීමේ අසීරුතාවයන් බොහොමයකි. එවන් අවස්ථාවන්හිදී සහන ආධාර වැඩපිළිවෙලක්, අලි අලි ඇතුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට මෙන්ම ඔවුන්ට විශ්‍රාම වයසක් ගෙන ඒමට හෝ කිසියම් වැඩ පිළිවෙලක් ගෙන ඒමට මෙතෙක් අසමත් වී ඇත.

  • AshWaru
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *