Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වර්ෂාවෙන් අසරණවූ ජනතාව බොහොමයක් වර්ජන හමුවේ තවත් අසරණ වෙති

Read Time14Seconds

රටපුරා බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි මෙන්ම අකුණු අනතුරු ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසද්දී අද අභාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය අවසන් වුවත් මේ වන විට ගුරු මෙන්ම දුමරිය වර්ජනය තව දුරටත් පවතී.

අධික වර්ෂාවෙන් බොහෝ ප්‍රදේශ වල ජනතාව දැඩි අසීරුතාවයට පත් වෙද්දී දුම්රිය වර්ජනය නිසා බස්රථ මතුවූ වූ දැඩි තදබදයට පිළියමක් වශයෙ

න් මේ වන විට අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවමින් විශ්‍රාමික දුම්රිය නිලධාරින්ද සේවයට ගෙන්වීමට කටයුතු යෙදිණි

ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින් වර්ජනයන් දියත් කිරීම ඇරඹුවේ වැටුප් විෂමතා හේතු කොට ගෙන. ඒ අනුව මේ සම්බන්දයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණාත්මක සාකච්ඡා මේ වන විට පැවැත්වේ. ඉකුත්දා දෙදින වැඩවර්ජනය යෙදුනු සහ පවතින වැටුප් විෂමතා නිවැරදි නොකළහොත් යළිත් දින පහක වැඩවර්ජනයක් සිදු කරන බවට අනතුරු ඇගවූ ගුරු වෘත්තීය සමිති සාකච්ඡා සඳහා පළමුව සහභාගීකර ගැණුනා. දෙවනුව සාකච්ඡා සඳහා සහභාගීකර ගැණුනේ විදුහල්පති වෘත්තීය සමිතිවල නියෝජිතයින වේ.

මේ වන විටත් වැඩවර්ජනයක යෙදී සිටින දුම්රිය වෘත්තීය සමිතිවල නියෝජිතයින් තුන්වනුව සාකච්ඡා සඳහා සහභාගීකරවා ගැනිණි. අනතුරුව සාකච්ඡා සඳහා සහභාගීකර ගැණෙන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ වෘත්තීය සමිතිය. ඔවුන්ද වැටුප් විෂමතා නිවැරදි කරන්නැයි ඉල්ලා ඉකුත්දා වැඩවර්ජනයක් සිදු කළ අතර මේ වනවිටත් ඔවුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති අරගලයක යෙදී සිටියි.

රට පුරා සිදු කෙරෙන වර්ජනවලට විසඳුම් ලබාදීමට පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව සමඟ අද (30) පැවැති සාකච්ඡා අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.ඒ අනුව ඉදිරියටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි. වැටුප් ගැටලුවක් මත ක්ෂේත්‍ර හයක දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව අද පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරුණි.

වැටුප් විෂමතා මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු ක්ෂේත්‍ර හයක දුම්රිය සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ පසුගිය 25 වනදායි. මේ හේතුවෙන් දුම්රිය සේවා තවමත් අඩාළව පවතියි. අදත් පිට පළාත්වල සිට කොළඹ කොටුවට ධාවනය කෙරුණේ උදෑසන කාර්යාලීය දුම්රිය කිහිපයක් පමණයි.

වවුනියාව සිට බෙලිඅත්ත දක්වා දිනපතා ධාවනය වන දුම්රිය වවුනියාව දුම්රිය ස්ථානයේ නවතා ඇත්තේ දින හයක සිටයි. මේ අතර රට පුරා සිදු කෙරෙන වර්ජනවලට විසඳුම් ලබාදීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව අද පස්වරුවේ පළමු වරට මුදල් අමාත්‍යාංශයේදී රැස් විය.

ඒ හමුවේ ප්‍රථමයෙන්ම පෙනී සිටියේ පසුගියදා අසනීප නිවාඩු වාර්තා කළ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින්.එම සාකච්ඡාවෙන් පසු වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති කැබිනට් අනු කමිටුව හමුවේ පෙනී සිටි අතර සාකච්ඡාවෙන් පසු ඔවුන් මාධ්‍ය වෙත කියා සිටියේ සාකච්ඡා අසාර්ථක වූ බවයි.

කෙසේ වෙතත් වැටුප් විෂමතා පෙන්වා දෙමින් ඊට විසදුම් ඉල්ලා සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අද (30) පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා ආරාධනා කර නැහැ. ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පල කරන බවයි එහි ලේකම් හරිත අලුත්ගේ පැවසුවේය

කෙසේවෙතත් රාජ්‍ය ආයතනවන්ගෙන් වැඩ සිදුකර ගැනීමට යන ජනතාව වර්ෂාවෙන් ද දැඩි ලෙස අසරණ වෙද්දී හෙට අනිද්දාට අසනීපයකට හෝ බෙහෙත් ගැනීමට නොහැකි වනු ඇත්තේ වෛද්‍ය නිලධාරින්ද නැවත වර්ජනයකට සුදානම් වන ලකුණු පල කර ඇති නිසාවෙනි.

  • AW
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *