Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නීතිපති දෙපාර්තමේන්තුවේ 45,000 නඩු ලිපි ගොනු 18,000 දක්වා අඩු වෙයි

Read Time21Seconds

හතලිස් පන් දාහක් විතර නඩු ලිපි ගොනු තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ දහ අට දහස් පන් සීයකට වැඩිය තිබුණේ ළමා අපචාර සම්බන්ධයෙන් නඩුයි දැන් මේ වන කොට ඒකත් හත් දාහකට විතර අඩු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. මෙම අදහස් පළ කළේ අද ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය
ප්‍රශ්නය – කුඩා ළමුන් සදහා නීතිය විෂය ධාරාවට එක් කරනවා කියලා යෝජනාවක් තිබ්බා.මේදේත් හරියට වුණේ නැහැ .ඒක ඇයි එහෙම වුණේ නැත්තේ .ඔබතුමා ආවහම ඒක කරන්න තියා ගත්තා ද මොකද වුණේ.

පිළිතුර –

දැන් අද කථා කරන්නේ ලෝක ළමා දිනය ගැන. නමුත් මේකේදි කථා කරන්නේ අධ්‍යාපන විෂය ධාරාවට නීතිය එකතු කිරීම, ඒක කෙරෙන්නේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියටත් නවයේ ඉදලා සාමාන්‍ය පෙළ දක්වාත් ,ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා මගින් කෙරෙනවා.මොකද නීතිය විෂය ධාරාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපි තීන්දු කලාට කෙරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්.ඒක මේ අද කියලා හෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඒ සම්බන්ධයෙන් වෙනම කමිටු පත් කරලා විද්වත් අයගේ අදහස් වෙනම අවශ්‍ය උපදෙස් අර ගෙන ඒ කටයුතු කෙරෙනවා.

ඊට අමතරව දරුවන්ට ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් උගන්වන්න මේ වන විටත් විෂය ධාරාවට ඇතුළත් කරලා තියෙනවා.දැන් ඔබතුමා ඉස්සෙල්ලාත් ඇහුවා මේ ළමා අපචාර සම්බන්ධයෙන්.දැන් ළමා අධිකරණ පිහිටුවලා තියෙනවා සහ ඉදිරියේදී තියෙන පහසුකම් මත එක පළාතකට එකක්වත් පිහිටුවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ වගේම අනිත් කාරණය තමයි හතලිස් පන් දාහක් විතර නඩු ගොනු ලිපි ගොනු තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ දහ අට දහස් පන් සීයකට වැඩිය තිබුණේ ළමා අපචාර සම්බන්ධයෙන් නඩුයි.දැන් මේ වන කොට ඒක හත් දාහකට විතර අඩු කර ගෙන තියෙනවා.ඒ පැත්තෙන් අවශ්‍ය කඩිනම් පියවර අපි අමාත්‍යාංශයක් විදිහට අර ගෙන තියෙනවා.

ප්‍රශ්නය – ඔබතුමිය දන්නවා සුහද ගමලත් කියන හිටපු සොලිසිටර් ජනරාල්වරයා .එතුමා බරපතල චෝදනාවක් කරනවා ඔබතුමිය නීතිඥවරියක්.ඔබතුමියට මේ පිළිබඳව අදහසක් තියෙන්න පුළුවන්.මේක බරපතල ලෙස සමාජයේ මේක යනවා.

පිළිතුර –

අනිවාර්යයෙන්ම . සුහද ගමලත් කියන පුද්ගලික මනුස්සයාගේ දේශපාලන මතය පිළිබදව මට කිසිම ප්‍රශ්නයක් නැහැ.නමුත් එතුමා අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති හැටියට කටයුතු කරන්නේ.ඒ පත්වීම කළේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා.මේ වන කොටත් එතුමා තනතුරේ සභාපති තනතුර දරනවා.පත්වීම කෙරෙන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින්.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සදහා රජයේ නිලධාරීයෙක් රජයේ ආයතනයක සභාපතිත්වයක් විශේෂයෙන්ම අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති හැටියට තමන්ගේ දේශපාලන මතය මොකක් වුණත් .මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා මේ වගේ ප්‍රකාශයක් කරන්න අයිතියක් නැහැ.ඒ අනුව මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා.

එතුමා ඊයේ වෙන කොට ජනාධිපති ලේකම්තුමා දැනුවත් කරලා තියෙනවා.එතුමා ඉල්ලා අස් වෙන්න කටයුතු කරනවා කියලා.මේ වන කොට අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.අද වෙන කොට හෙට වෙන කොට ඒ කටයුත්ත කෙරෙන්නේ නැති වුණොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ජනාධිපති ලේකම් විසින් ගන්නවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *