Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

“හද සරණි” ඔක්.06 කරාපිටිය වෛද්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී

Read Time8Seconds

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් 2018 වසරේදී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී, පුරා රටවල් 76 කින් පැමිණි 2500 කට අධික විද්වතුන් පිරිසකට Your energy well සංකල්පය හඳුන්වා දෙමින් Human energy පිළිබදව ලොවපුරාම කතා බහක් ඇති කරමින් ප‍්‍රචලිත කරවිය.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සහ විශාරද ජනනාත් වරකාගොඩ මහතා සමඟ එක්ව පවත්වන “හද සරණි” මානව ශක්ති සංධ්වනිය 2019 ඔක්තෝබර් 6 වන දින සවස 6.00 සිට ගාල්ල කරාපිටිය වෛද්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වයි.

මෙම හද සරණිය ප්‍රසංගය සංවිධානය කරනුයේ, ගාල්ල Toastmasters club සංවිධානය යි. “විශ්ව ශක්තිය සංගීතය ට මුසුකොට හඳුනාගන්නේ කෙසේද? ඔබ අවට ඇති ශක්තිය සංගීතයත් සමඟ අමුතුම අත්දැකීමක් ලෙසින් ඔබ ලබා ගන්නේ කෙසේද? එසේ නම් එන්න අප හා එක් වන්න, කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයට. ඔක්තෝබර් 6. දිනය වෙන් කරගන්න.” යැයි ඔවුන් ඉල්ලයි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *